• Fri. Feb 3rd, 2023

රැප් කියන්නේ අම්මට හු*න එකද..?

BySandun

Sep 6, 2016

සිංහල කුණුහරුප ටිකක් කිසිම ගැලපීමක් නැතිව සිංහල වචන ටිකක් කියන අතරතුර ප්‍රසිද්ධියේ කීම “සිංහල රැප්”  යැයි හඳුන්වන පිරිසක් සිටි.
සිංහල වචන එකිනෙක ගැලපෙන අයුරින් අමුණා හිතට වදින්න වේගයෙන් ඒ වචන ටික තාලයකට කියන රැප් කරන පිරිසක්ද සිටි.

කොපි කරලා පන්තියේ පලවෙනි වෙන එකා සහ පාඩම් කරලා පන්තියේ පලවෙනි වෙන එකා අතර පාසැල් කාලයේ ලොකු වෙනසක් නොපෙනුනාට කවදාහරි ජොබක් හොයන්න හෝ ප්‍රසිද්ධියේ තමන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන්න කිව්වමයි සැබෑ දක්ෂයා කව්ද කියලා සමාජයට තේරුම් යන්නේ.
ලංකාවේ දැන් ඉන්න ගොඩාක් රැපස්ලට සාමාන්‍ය කෙනෙක්ට ගිහින් මොකුත් කියන්න බෑ, කිව්වම පහුවදා අපේ අම්මා අප්පා මතක් කරලා රැපක් ගහලා එලියට දායි. එයාලා වටේ ඉන්න අයත් හුරේ දාගෙන එව්වා share කරයි මොකද ඇත්ත කියන උන්ට වඩා කුණුහරප කියන උන්ට දැන් සමාජයේ තැනක් හැදිලා කියලා ඒ අය හිතන් ඉන්න නිසා.
ඉස්සර කොල්ලෝ අම්මා ගැන සින්දු කිව්වා. එව්වා තමයි වැඩියෙන්ම හිට් වුනේ. ඒත් දැන් සිංහල රැප් කියලා මිනිස්සු විවධ කල්ලි හදාගෙන කුණුහරුප කියනවා. ( හැමෝම නෙවෙයි. ) ඒ අස්සේ අම්මට, තාත්තට බනිනවා. එව්වත් සාදරණි කරණය කරන උන් ඉන්නවා. අන්න ඒකයි දුක. ඇත්තටම මම නම් ඔය රැප් සින්දු පන්නලා අහන එකෙන් නෙවේ. හැබැයි අර 44 කල්ලියේ Smokio කියපු ” මුඩුක්කුවෙන් එලියට ” සහ Kmac කියපු ” ඒ කාලයේ ” රැප් එකට නම් කැමති. හේතුව අනේ මන්දා දෙයක් වදින්නට කියලා.
හැබැයි දැන් මේ ” අම්මට හු*පන් ” කියන කුණුහරුප සිද්ධිය එන්නෙත් ඒ පැත්තෙන්ම ඉන්න පිරිසකගෙන්.
දැන් මෙහෙම කිව්වම සමහරු කියන්නේ, ඉංග්‍රීසියෙන් ” Fuck” කිව්වට උඹලට අවුලක් නෑ, සිංහලෙන් “හු*පන්” කිව්වමයි උඹලගේ ජාති ආලේ එලියට එන්නේ කියලා.
අපේ රටේ තියන සංස්කෘතිය අනුව සුද්දා කරන හැම දෙයක්ම අපි කල යුතු නැහැ. සුද්දගෙන් ගත යුතු දේවල් නැතුවම නෙවෙයි. ඉංග්‍රීසි එහෙම ඉගෙන ගන්න එක හොඳයි සුද්දාගෙන්. එහෙව් කියලා සුද්දා ප්‍රසිද්ධියේ කුණුහරුප කියනවා, ඉතින් ඇයි අපිට බැරි කියන එක නං තේරෙන භාෂාවෙන් කිව්වොත් හෙනම ගොන් පාට් සිද්ධියක්.
මොකද, සුද්දා බෙට්ට දාලා පු* කොළ කෑල්ලකින් පියදැම්මා කියලා අපි එහෙම කරන්නේ නැහැනේ.

dගොඩාක් වෙලාවට නැති එවුන්ව පොරවල් කරන්නේ මේ ප්‍රසිද්ධ ගායකයෝ යැයි කියාගන්නා පිරිස. ෆේස්බුක් එකේ ෆලොවස්ලා ගොඩාක් හිටියා කියලා, ලයික්ස් ලක්ෂ ගණන් තිබ්බා කියලා, ෆේස්බුක් පේජ් එකේ තමන්ගේ නම ඉස්සරහා නිල් පාට හරි ලකුණක් වැටුනා කියලා පොරක් වෙනවා කියලා කව්රු හරි හිතනවා නම් උන්ට කියන්න තියෙන්නේ, සකර්බර්ගේ මේ හුටපටේ තහනම් වෙලා හෝ මොකක් හරි හේතුවක් නිසා නතර කරලා දැම්මා නම් උඹලගේ කෑලිත් හොයාගන්න බැරිවෙනවා ලොවෙත්.

කෙනෙක් වැරැද්දක් කරාම ඒක සාදාරණිකරණය කිරීමෙන් වෙන්නේ උඹ ඒ වැරැද්ද කරපු කෙනාගේ රසිකයකු වීම මිස සමාජය ඉදිරියේ පොරක් වීම නෙවේ.
දැන් කට්ටිය කියයි, තොට අදාලම නැති සිද්ධියක් නේ හු*තෝ, තෝ කට වහගෙන හිටපං ප*යා කියලා.

ඔව් ඔව් උන් කොහෙ ගිහින් නැස්පැත්ති වුනත් මටනම් අදාලම නෑ, මොකද එකෙන් මගේ ගමනට හානියක් වෙන්නේ නෑ. ඒත් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ උන්ගේ පස්සෙන් යන සමහරු ඉන්නවා. උන්ව දැක්කම මට දුකයි. අරුන් කෙසේ වෙතත්, ලිස්ට් එකේ ඉන්න ටික දෙනාට හරි ඇත්ත තේරුම් කරලා දීලා මේ වියසනයෙන් මුදාගන්න පුළුවන් නම් මේ සමාජ ජාලා වල එල්ලිලා ඉන්න වෙලාවේ මං කරන ලොකුම සේවයක් ඒක.

රැප් කරපං කුණුහරුපෙන් නෙවේ. ( මනක්කල්පිත වගේ සමාජය හදන්න කුණුහරුප දෙක තුනක් කිව්වටනම් සිරාවට අවුලක් නෑ. ) ඒත් හැමෝටම බැහැ මන්ක්කල්පිත වෙන්න. ඒ නිසා සිංහල සාහිත්‍ය වචන භාවිතා කරලා අනිත් අයගේ හිත් හැදෙන්න, උන් හැදෙන්න පිරිසුදුව රැප් කරපල්ලා. නැතුව වදපු අම්මට කුණුහරුපෙන් බැනලා සමාජයේ පොරක් වෙන්න නෙවේ. උඹලා පොරක් වෙනවා ඇති කුණුහරුප කියලා. ඒත් ඒ වෙන්නේ උඹලගේ සීමිත සෙට් එකක් අතර විතරයි. ආයෙත් කියන්නේ, ලයික් හෙන ගොඩක් තිබ්බා කියලා උඹලා සමාජයේ වැඩ්ඩො කියලා හිතන්න එපා. අපේ උන්ට ලයික් වැඩිවුනාම කොහොමත් පොර මානසිකත්වය හැදෙනවා.

පස්සේ ඉතින් උදව් කරපු එකාවත් අමතකයි. අපිත් එහෙම උදව් කරලා දැන් ලොකු පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ. මේ ලයික් ජිවිතේ තියෙන්නේ ෆේස්බුක් තියන කන් විතරයි.
දැන් මේක වුනත් ගොඩාක් උන් කියවන්නේ නැතුව මාත් එක්ක තියන ෆිට් එකට ලයික් කරයි. තවත් සමහරු ” අම්මටසිරි බ්‍රෝ පේජ් එකේ ඇඩ්මින් ස්ටේස්ට් එකක් දාලා ” කියලා ලයික් එකක් දායි. උඹලට කියන්න තියෙන්නෙත් මං දාන එව්වා කිසිම අදාළ තාවයක් හෝ ඒකේ වැරැද්දක් තියනවනම් ලයික් නොදා ඉන්න. තේරුමක් නෑ. මොකද ලයික් වැඩි වුනා කියලා ගොඩාක් උන්ට තමන් පොරක් ලෙස පෙනුනට මට නම් ලොවෙත් එහෙම නෑ.

මේකෙන් කාටහරි හිත රිදුනා නම් කරන්න දෙයක් නෑ. රිදෙන්නමයි දැම්මේ. ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න සමහර අයට මෙන්ම ලිස්ට් එකේ ඉන්න ගායකයන් ගොඩකටද මේක ආදලයි. ඔයාලට ඉතින් මං කියන දේවල් ලොවෙත් අදාළ නෑ තමයි. මොකද ඔයාලා එක්ක මාව තිබ්බම මං නතින්. ඒත් ඉතින් ෆේස්බුක් කමියුනිටි ස්ටැන්ඩඩ්ස් අනුව අදහස් දැක්වීමේ අයිතිය කාටත් විවෘතයි.

hamza” දැන් මෙහෙම කිව්වම සමහරු කියන්නේ, ඉංග්‍රීසියෙන් ” Fuck” කිව්වට උඹලට අවුලක් නෑ, සිංහලෙන් “හු*පන්” කිව්වමයි උඹලගේ ජාති ආලේ එලියට එන්නේ කියලා.
අපේ රටේ තියන සංස්කෘතිය අනුව සුද්දා කරන හැම දෙයක්ම අපි කල යුතු නැහැ.

– Hamza Haniffaගේ ෆේස්බුක් සටහනක් ඇසුරෙනි.

https://www.youtube.com/watch?v=6Vw5WtcSnqw

Leave a Reply

Your email address will not be published. Required fields are marked *