• Mon. Jan 30th, 2023

වේගවත් ආර්ථිකයක් සමග හරිත සංවර්ධනයක්

BySandun

Sep 9, 2016

වේගවත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ දී එය පරිසර හිතකාමි ”හරිත සංවර්ධනයක්” විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, පැරිස් ගිවිසුම අපරානුමත කිරීමේ විවාදය ආරම්භ කරමිනි.

1992 මැයි 09 වැනි දින නිව්යෝර්ක් හී දී පිළිගන්නා ලද දේශගුණික වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය සඳහා වූ ඉදිරිපත් කරන ලද පැරිස් ගිවිසුම අපරානුමත කිරීම අනුමත කිරීම පිණිස විවාදය පැවැත්වෙයි.

කාලගුණ විපර්යාස පසුගිය කාලයේ අපගේ අවධානයට දඩිව ග්‍රහනයට ලක් වුණා. එක්සත් ජාතීන් කාලගුණ විපර්යාස පිළිබඳව රාමුවක් සකස් කළා. රටවල් ගන්නා පියවර සම්බන්ධයෙන් අනුගත වීමක් සිදු වෙනවා. සංවර්ධනය වූ රටවල් කිසිම පාලනයක් සම්බන්ධයෙන් එකඟ වීමක් නෑ. ඒ අයට සංවර්ධනයට බාධවක් වන නිසා. කාලගුණික විපර්යාස,පැරිස් සමුළුවේ දී යම් එකඟතාවයක් පළ කරන්න හැකියාවක් පළ කරන්න පුළුවන් වුණා. මෙය යම්කිසි ඉදිරි පිම්මක්.රටවල් 55ක එකඟතාවය ලැබී තිබෙනවා. වායු විමෝචනයට ශ්‍රී ලංකාවේ සහාය ලැබී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයෙන් දපරිසරය සුරැකීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වී තිබෙනවා. ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට පරිසර හිතකාමි සංවර්ධනයක් අවශ්‍යයි, එය හරිත සංවර්ධනයක් විය යුතුයි. රටේ සංවර්ධනයේ දී පරිසර හිතකාමි, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීම වැදගත්.තිරස සංවර්ධන මණ්ඩලයක් පත් කිරීම වැදගත්.අපි තිරසාර සංවර්ධන මණ්ඩලය පත් කරන විට අපේ සැලසුම් පිළිබඳව සභාව දැනුවත් කිරීමට හැකි යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *