• Sat. Jan 28th, 2023

අමිතාබ් – අමීර් එකම චිත‍්‍රපටියක.

BySandun

Sep 11, 2016

අමිතාබ් බච්චන් සහ ආමීර් ඛාන් හාපුරා කියා චිත‍්‍රපටියක එක්ව රඟපාන්නට සූදානම් වෙමින් සිටිති. ඒ යාශ් රාජ් චිත‍්‍රපටි සමාගම නිෂ්පාදනය කෙරෙන නග් චිත‍්‍රපටියේය.

‘‘ඇත්තටම ආමීර් ඛාන් එක්ක චිත‍්‍රපටියක රඟපාන්න ලැබීම මට ගෞරවයක් වගේම ලොකු ප‍්‍රතිලාභයක්.. ඒත් ඒක ගැන වැඩිදුර කතා කරන්න මට අවසර නෑ..’’

අමිතාබ් බච්චන් පැවසුවේ උද්යෝගිමත් හඬිනි.

මේ දිනවල බිග් බී ඔහුගේ පින්ක් චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් සිටියි. එහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ තාප්සී පන්නුය. ආමීර් සිටින්නේත් ඔහුගේ ක‍්‍රීඩා චිත‍්‍රපටිය දංගල් සමඟ කාර්ය බහුලවය.

2016-09-08-ent-86

Leave a Reply

Your email address will not be published. Required fields are marked *