අවුරුදු පහක් වයසැති පුංචි දියණියක් මිය යාමට පෙර සිය සිහින සැබෑ කරගත් සංවේදී කතාවක් වාර්තා වෙනවා.
මේ පුංචි දියණියට සුව කිරීමට ඉතා අපහසු නිදන්ගත හදවත් රෝගයක් වැළඳිලා තියෙනවා. දවසින් දවස ඇය දුර්වල වෙලා . ඉතින් දොස්තරලා ඇයගේ දෙමාපියන්ට කියල තියෙනවා තව වැඩි කාලයක් ඇය ජිවත් වෙන්නේ නැති බව.
ඊටපස්සේ දෙමාපියන්ට ඇය වෙනුවෙන් යමක් කිරීමට අවශ්‍ය වුණ නිසා. ඇය එක් සිහිනයක් මරණයට පෙර සැබෑ කර දෙන්න සිතුවා.
ඇය නිතර නිතරම කියන දෙයක් තමාලු “ඩේමියන්ව මම කවදා හරි විවාහ කරගන්නවා” කියන එක. ඩේමියන් කියන්නේ ඇයගේ හොඳම මිතුරා.
ඉන්පසුව දෙමාපියන් තීරණය කරනවා මෙයාලව විවාහ කරලා දෙන්න. ඒ අනුව ඇය ප්‍රතිකාර ගන්න රෝහලේදී ඔවුන් දෙදෙනා විවාහ කර දුන්නා.
විවාහ වෙලා පැය හයකට පසුව මේ පුංචි දියණිය ජිවිතක්ෂයට පත් වෙලා තියෙනවා.