• Mon. Feb 6th, 2023

සිය දිවි නසා ගැනීමට ප්‍රධාන හේතුව ජානමය තත්ත්වයන්.

BySandun

Sep 11, 2016

සිය දිවි නසා ගැනීමට බලපාන ප්‍රධාන හේතුන් වන්නේ පරම්පරාවෙන් පැවත එන ජානමය තත්ත්වයන් සහ මානසික ආතතීන් බව විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ.ග‍මගේ මහතා පැවසීය. සැප්තැම්බර් 10 වනදාට ‍යෙදී තිබූ සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ ජගත් දිනය නිමිත්තෙන් මහනුවර සුමිත්‍රයෝ ආයතනයේදී  පැවැති දේශනයකදී විශේෂඥ වෛද්‍යවරයා එසේ පවසා සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“සමාජයේ මතයක් තිබෙනවා හුඟක් අය සිය දිවි නසා ගන්නේ දිළිඳුකම නිසා කියලයි. එහෙම නම් වැඩියෙන්ම දිවි නසාගන්න ඕන යාචක පිරිසයි. නමුත් සිය දිවි නසා ගැනීම්  අඩුවෙන්ම වාර්තා වෙන්නේ ඔවුන් අතරිනුයි. සිය දිවි නසා ගැනීම් ප්‍රතිශතයක් වශයෙන් ගත්කල  වෛද්‍යවරුන් නීතිඥයන් වැනි වෘත්තිකයන් තුළ වැඩියෙන් දක්නට ලැබෙනවා.

ඒ වගේම නොබෙල් ත්‍යාග ලැබූ පිරිස් අතර පවා ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සිය දිවි නසාගැනීම් හෝ ඒ සඳහා උත්සාහ කිරීම් වැඩි වශයෙන් වාර්තා වෙනවා. මෙම කාරණාවලින් පෙනෙන්නේ සිය දිවි නසා ගන්න පෙළඹෙන වැඩි පිරිස ඉහළ පන්තිවල අය. ඉහළ රැකියාවල නියුක්ත අය.  ඒකට හේතුව වෙනස් විදිහට සිතන්න පෙළඹීම. ඒ  වගේ  සංවේදී මෙන්ම වෙනස් විදිහට සිතන පුද්ගලයන්ගේ මානසික තත්ත්වයේ බෙලෙහීන වන අවස්ථා තිබෙනවා. ලෝකයට වැඩි සේවයක් කරල තියෙන්නේ මානසික තත්ත්වය බෙලෙහීනව සි‍ටි අය කියලයි පේන්නේ. පරිණාමවාදය සොයාගත් චාල්ස් ඩාවින්ට  එදා ලෝකයෙන් විරෝධතා එල්ල වෙද්දී ඔහු දැඩි මානසික පීඩනයට ලක් වුණා. නමුත් අද එය ලෝකයම පිළිගන්නවා.” යැයිද පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *