• Sat. Mar 18th, 2023

IS ත්‍රස්තයන්ට එරෙහිව රුසියා-ඇමෙරිකා හවුලක්

BySandun

Sep 11, 2016

සිරියවේ ක්‍රියාත්මක IS ඉස්ලාම් රාජ්‍ය සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට ඇමෙරිකාව හා රුසියාව එකඟත්වයකට පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙතෙක් ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා වෙනමත්, රුසියාව වෙනමත් සිරියාවේ ගුවන් මෙහෙයුම් සිදුකළේය.

කෙසේ වෙතත්, කලාපයේ පවතින ගැටුම් අවම කිරීමේ අරමුණින් ඉදිරිපත් වූ සවිස්තරාත්මක එකඟතාවක කොටසක් ලෙස මෙම ප්‍රබල රාජ්‍යයන් දෙක මෙම තීරණයට පැමිණ තිබේ.

රුසියානු විදේශ අමාත්‍යවරයා හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රමුඛව පැවති දීර්ඝ සාකච්ඡා වටයකින් පසුව ඒකාබද්ධ ගුවන් ප්‍රහාර සඳහා දෙපාර්ශ්වයම එකඟ වී ඇත.

මේ අතර, එළැඹෙන සඳුදා ආරම්භ වීමට නියමිත සිරියාව පුරා බලපවත්වන සටන් විරාමය අවම වශයෙන් දින 07ක් රඳා පැවතුණහොත්, දින 10ක් ඇතුළත මෙම ඒකාබද්ධ ගුවන් මෙහෙයුම් ආරම්භ වනු ඇති බවද විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව, මෙම එකඟතාව අනුව කටයුතු කිරීමට සිරියානු ජනපති බෂර් අල් අසාද්ට රුසියාව විසින් දැනටමත් නිල වශයෙන් දැනුම් දී ඇති අතර මෙම ක්‍රියාමාර්ගය සාර්ථක වුවහොත්, එය IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට එරෙහිව සිදුවන දැවැන්ත ප්‍රහාර මාලාවක් වනු ඇති බවද විදෙස් නිරීක්ෂකයෝ පවසති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *