අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල අයෙකු පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කිරීම අවමානයක් බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය පාර්ලිමේන්තු අසුනෙන් ඉල්ලා අස්වන බව බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශකර තිබේ. ඒ අනුව ඔහු අද දින සිය ධූරයෙන් ඉල්ලා අස්වන අතර ඔහු නියෝජයන කරන ඔක්ස්ෆර්ඩ්ෂෙයර් අසුන සදහා අතුරු මැතිවරණයක්ද කැදවීමට නියමිතය.
යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතුද නැද්ද යන්න සදහා පැවති ජනමතවිචාරණයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා පරාජයට පත්වීම හේතුවෙන් ඔහු ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඔහුගේම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරියක් වූ තෙරේසා මේ මහත්මිය අග්‍රාමාත්‍ය ධූරයට තේරීපත් විය.