• Mon. Feb 6th, 2023

ඊද් දවසේ ලේ පැහැ ගැන්වුණු බංග්ලාදේශයේ ඩකා වීදි..!

BySandun

Sep 14, 2016

ලොව වටා වෙසෙන මුස්ලිම් ප්‍රජාව ඊද් උත්සවය සමරමින් සිටින අතරතුර බංග්ලාදේශයේ ඩකා අගනුවර වීදි ලේ පැහැති ජලයෙන් යට වී පවතින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල තුළ පළ වෙමින් තිබේ.

වීදි තුළ වූ ජලය රත් පැහැ ගැන් වී ඇත්තේ ඊද් උත්සවය වෙනුවෙන් මරණයට කැප කරන ලද සතුන්ගේ රුධිරය ඩකා අගනුවර ඇතැම් ප්‍රදේශ තුළ පවතින ගංවතුර සමග මිශ්‍ර වීමෙනි.
බීබීසී බංගලාදේශ සේවය වාර්තා කරන පරිදි ඩකා අගනුවර පිහිටි වීදි හෝ ජනාකීර්ණ ගොඩනැගිලිවලට අයත් රථ ගාල් තුළ මේ වසරේදී ලක්ෂයකට ආසන්න සතුන් මරණයට කැප කරනු ලැබ තිබේ.

_91188228_picsart_1473742440961අඟහරුවාදා උත්සවය සමරන අතරතුර පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අගනුවර ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී ඇති අතර ශාන්තිනගර් සහ වෙනත් ප්‍රදේශ තුළ මරණයට කැප කරන ලද සතුන්ගේ රුධිරය සහ අපද්‍රව්‍ය ගංවතුර හා මිශ්‍ර වී තිබෙනු දැක ගත හැක.

_91188232_picsart_1473831190607සතුන් මරණයට කැප කිරීමේ ආගමික චාරිත්‍රය විවේචනයට ලක් කරමින් ඇතැම් පිරිස් ඉහත කී ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පළ කරමින් සිටිති.
සෙසු පිරිස් සතුන් මරණයට කැප කිරීමේ ආගමික චාරිත්‍රය සාධාරණීකරණය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටිති.
මේ අතර වීදි තුළ වූ ජලය බැස යෑමේ කාණු පද්ධති නිසියාකාරව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් නගරවාසීහු බලධාරීන්ට දොස් පවරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *