කාවේරි ගංගාවේ ජලය බෙදාගැනීමේ අර්බුදයක් මුල්කරගනිමින් ඉන්දියාවේ බැංගලෝර් නගරයේ ජනතාව උද්ඝෝෂණයේ නිරත වුණා.
ගැටුම් හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර විරෝධතාකරුවන් බස් රථ 35කට ගිනිතැබීම හේතුවෙන් ප්‍රාන්ත දෙක අතර ප්‍රවාහන සේවා මුළුමනින්ම ඇණ හිටියා.
පවතින ජල හිඟය හේතුවෙන් කාවේරි ගංඟාවෙන් දිනකට ජලය තත්පරයකට ඝන අඩි 12,000 ක් තමිල්නාඩුවට මුදා හරින ලෙස කර්ණාටක ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව ජනතාව දින කිහිපයකට පෙර උද්ඝෝෂණ ආරම්භ කළා.
කර්ණාටක සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දෙකම කාවේරි ගංගාවට හිමිකම් කියන අතර එය මුල්කරගෙන දෙපාර්ශ්වයේ ජනතාව අතර මත ගැටුම් පවතින්නේ වසර ගණනාවක සිටයි.