• Mon. Mar 20th, 2023

නව වැට් බදු සංශෝධන මෙන්න..!

BySandun

Sep 14, 2016

පෞද්ගලික අංශයෙන් සිදු කරන රෝග විනිශ්චය පරීක්ෂණ, කාන්දු පෙරණ සහ වෛද්‍ය උපදේශක සේවා ඇතුළත් නොවන. බාහිර රෝගී සේවාවන්, වැට් බද්දෙන් නිදහස් කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ සංශෝධිත කෙටුම්පතින් යෝජනා වී තිබේ.

වාර්ෂික මුළු පිරිවැටුප රුපියල් මිලියන 50 හෝ ඊට වැඩි තොග සහ සිල්ලර වෙළෙදාම නව සංශෝධනයට අනුව වැට් බද්දට යටත් වනු ඇති.

විදුලි සංදේශ සේවා, දුම්කොළ නිෂ්පාදන, සීනි හෝ වෙනත් පැණි රස කාරක එකතු කළ කිරි පිටි, නව සංශෝධනයෙන් වැට් බද්දට යටත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළක සිට රටින් පිටත වෙනත් ගුවන් තොටුපොළකට පිටව යන මගීන්ගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද වැට් බද්දට යටත් වනු ඇති.

එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්ද 15%ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට නව සංශෝධන කෙටුම්පතෙන් ද යෝජනා වී තිබේ.

අමාත්‍ය මණ්ඩලය ඊයේ මෙම කෙටුම්පත අනුමත කළ අතර එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *