• Mon. Feb 6th, 2023

නිවුන් දරුවන් 8දෙනා රැකගන්න අසැබි දසුන් රඟපෑ මවකගේ සංවේදී කතාව.

BySandun

Sep 14, 2016

අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් අපමණ දුක් කන්දරාවක් විඳිනවා.ඒ සෙනෙහස ආදරය කිසිම දාක වෙනස් වෙන්නේ නෑ වගේම ඒ ආදරය මිල කරන්නත් බැහැ.මොන තරම් ප‍්‍රශ්න තිබුණත් දුක් වින්දත් තමන්ගේ දරුවගේ සතුට වෙනුවෙන් අම්මා කෙනෙක් ලොකු කැපකිරිමක් කරනවා.

එවන් අම්මා කෙනෙක් ගැන අපිට විදෙස් රටකින් අහන්න ලැබුණා.දරුවන් හයදෙනෙකුගේ අම්මා කෙනෙක් තවත් එක් දරුවෙකු කෘතිමව ලබාගැනීමට ගිහින් නිවුන් දරුවන් 8 දෙනෙකු ලද පුවතක් අමෙරිකාවෙන් මීට වසර කිහිපයකට පෙර වාර්තා වුණා.

ඇය පසුගිය දවසක මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියලා තිබුණේ තමන්ගේ දරුවන් උස්මහත් කරන්න ලොකු වෙහෙසක් දැරුවා කියලයි.

2009 අවුරුද්ද වෙද්දි තමාට දරුවන් 6 දෙනෙකු සිටියද තමන්ට තවත් එක් දරුවෙකු අවශ්‍ය වූ බැවින් කෘතීම ලෙස දරුවෙකු ලබා ගැනීමට ඇය තීරණය කර තිබෙනවා.එම උත්සාහයේදී ඇයගේ කුසතුළ දරුවන් 8දෙනෙකු පිළිසිඳගෙන ඇති බවටයි වෛද්‍යවරුන් විසින් සඳහන් කරලා.

වෛද්‍යවරු වැඩිදුරටත් කියලා තිබුණේ එම දරුවන් ප‍්‍රමාණය දරාගැනීමට ඇයට ශක්තියක් නොමැති බවත් ඒ හේතුවෙන් යම් ක‍්‍රියාමාර්ගයක් ගතයුතු බවත්ය.ඒත් මේ අම්මා වෛද්‍යවරුන්ට කිව්වේ තමන්ට දරුවන් අට දෙනාම ඕනේ කියලයි.

ඒ ආදරණීය සෙනෙහස නිසාම දරුවන් අට දෙනාම නිරෝගීමත්ව මෙලොවට බිහි කරන්න ඇයට පුළුවන් වුණා.
දරුවන් 14 දෙනෙක් ජීවත් කරවන්න රස්සාවක් නැතිව අගහිගකම් මැද ගැටලූ‍ රැුසකට මුහුණ දෙන්න ඇයට සිදුවෙලා.

පසුව ඇය නිරූපිකාවක් විදිහට මුදල් සෙවීමට තීරණය කරලා.ඒත් එයින් ලැබෙන පුංචි මුදල ප‍්‍රමාණවත් නැති නිසා ඇය අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටීමට තීරණය කරලා.තමන්ගේ සිරුර මුදලට විකුණලා තම දරුවන් පෝෂණය කිරීම ගැන ඇය අද මහත් කනගාටුවට පත්වන බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කරලා තියෙන්නේ.

කෙසේ වෙතත් නිරූපන ක්ෂේත‍්‍රයේදී ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවද තම දරුවන් ගැන සිතා ඒවා අත්හැර දැමු බවටයි එම සාකච්ඡුාවට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ.

පසුව ඇයට ධජඑදපදප නම් අනුවර්ත නාමයක්ද පටබැඳුණු බවද ඇය සඳහන් කළා.එම නාමයට බෙහෙවින්ම අකමැති ලොව සිටින පළමු පුද්ගලයා ඇය බවටයි එහිදී ඇය වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ.දරුවන් අට දෙනෙකු බිහි කිරීම හේතුවෙන් මේ වන විටත් තමා කොන්දේ ආබාධයකින් පෙළෙනවා කියලා වාර්තා වනවා.
මේ හැමදේම පසෙකලා සමාජ සේවය වෙනුවෙන් තමන් කැප වන බවටද මෙම මාධ්‍ය හමුවේදී ඇය ප‍්‍රකාශ කර තිබෙනවා.







Leave a Reply

Your email address will not be published. Required fields are marked *