ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20 – 20 ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා පිලට හිසරදයක් වෙමින් සුපිරි ඉනිම් දෙකක් ක්‍රීඩා කළ ග්ලෙන් මැක්ස්වෙල් මර්ධනය කරන්නේ කෙසේදැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අද හෙලිකලා.
ඒ අද කොළඹදී පැවති save the sports ආයතයන සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
අර්ජුන රණතුංග මහතා එහිදී පැවසුවේ මැක්ස්වෙල් වේග පන්දු යවන්නන්ට මුහුණදීම දුර්වල මට්ටමක පවතිද්දීත් ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් භාවිතා කිරීම මවිතයට කරුණක් බවයි.