පසුගියදා විමල් වීරවංශ මහතා විසින් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් බැහැදැකීමට ගිය මොහොතේදී මහානායක හිමියන් විසින් විමල් වීරවංශ මහතාට මාධ්‍ය ඉදිරිපිටදීම දැඩි ලෙස අවවාද කිරීම හේතුවෙන් ඔහු දැඩි ලෙස ලැජ්ජාවට හා කෝපයට පත්ව තිබේ. එම සිදුවීමෙන් පසුව මහනායක හිමියන්ගේ චරිතය ඉලක්ක කරගනිමින් මඩ ව්‍යාපාරයක් ආරම්ඹ කරන ලෙසට ඔහු විසින් පවත්වාගෙන යන මඩ බලකායට උපදෙස් දී ඇතැයි ද නුදුරේදීම මඩ කල්ලිය සහ චීවරධාරීන් කිහිප දෙනෙකු විසින් සමාජජාල මාධ්‍ය හා වෙබ් අඩෙවි කිහිපයක් හරහා මහානායක හිමියන් දැඩි ලෙස විවේචනයට ලක් කිරීමට සූදානමක් පවතින බව ද වාර්තා වේ.
බාලවයස්කාර සාමනේර ස්වාමීන් වහන්සේ නමකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ගම්පහ ප්‍රදේශයේ පංසලකින් පිටමන් කරන ලද රත්තනදෙණියේ මේධානන්ද නමැති චීවරධාරීයා විසින් මඩ බලකායේ මෙම ව්‍යාපෘතිය මෙහෙය වන බව තහවුරු වී ඇත.