• Tue. Feb 7th, 2023

ළමා නිවාස දැරිය කුලගෙට – ජනපතිත් සාක්කිකරුවෙක්..!

BySandun

Sep 15, 2016

 

මව්පියන් නොමැතිව පොළොන්නරුව පැරකුම් ළමා නිවාසයේ හැදි වැඩුනු ඉන්ද්‍රානි මධුවන්තිගේ (22) විවාහ මංගල්‍යය 14 වැනිදා නවනගරයේ දී පැවැත්වුණු අතර විවාහයේ සාක්කිකරුවන් ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පරිවාස හා ළමා ආරක්‍ෂක ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අත්සන් කළහ.

මනාලිය රූපලාවන්‍ය ශිල්පිනියක් වන අතර ඇය වව්නියාව ඉරට්ටපෙරියකුලම ගුවන් හමුදා කඳවුරේ සිවිල් අංශයේ නිලධාරියකු වන ප‍්‍රියන්ත කුමාර (26) සමග විවාහ ගිවිසගත්තාය.

විවාහ මංගල උත්සවය පොළොන්නරුව එක්සත් බෞද්ධ සංගමයේ සභාපති ජයන්ති මහා විහාරාධිපති කදුරුවෙල ධම්මපාල නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැරකුම් ළමා නිවාසයේ කාර්ය මණ්ඩලය මගින් සංවිධානය කර තිබිණි.

සියලූ උත්සව කටයුතු හා සංග්‍රහ කටයුතු ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්, පරිත්‍යාගශිලින් මෙන්ම දානපතීන් අතින් සිදු කැරිණි. උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාද මෙම විවාහ මංගල අවස්ථාවට පැමිණ මනාල යුවලට තෑගි බෝග පිරිනැමීය.

002-1024x529 14310371_1200603043311210_2369489905717002172_o-1024x640

Leave a Reply

Your email address will not be published. Required fields are marked *