මේ දිනවල අන්තර්ජාලය තුළ ප්‍රේක්ෂක හදවත් කළඹමින් සැරිසරණ කුර්දි සටන්කාමී සුන්දර යුවතිය උතුරු සිරියාවේදී අයි.එස් කැරැලිකරුවන් විසින් ඝාතනය කළ තැනැත්තියක් බව හෙළිදරව් වේ.
ආසියා රාමසාන් අන්තාර් නම් ඇය 19 හැවිරිදිය. බටහිර මාධ්‍ය විසින් හඳුන්වා දුන්නේ ‘කුර්දිස්ථානයේ ඇන්ජලීනා ජොලි’ ලෙසය. කූර්දි මාධ්‍ය අනාවරණය කරන්නේ සිරියානු කුර්දිස්ථානයේ දී ඇය සටන් කර මිය ගිය බවයි. ඇය අයි.එස් කණ්ඩායම හා සටන් වැදී ජීවිතය අහිමි වූ තවත් එක් සටන්කාරියක පමණක් බව ඔවුහු සඳහන් කරති.
2015 වසරේ දී කූර්දි කාන්තාවන්ගේ ආරක්ෂක ඒකකයට බැඳුනු ආසියා හමුදා පුහුණුව නිම කිරීමෙන් පසු අයි.එස් කණ්ඩායමට එරෙහි සටන් පෙරමුණට ගිය බව මාධ්‍ය අනාවරණය කරයි. ඇය මිය යාමට පෙර සටන් පහකට පමණ සහභාගි වූ බවත් අගෝස්තු 30 වැනිදා තූර්කි දේශ සීමවේ දී මරා දැමුණු බවත් වැඩි දුරටත් සඳහන් වේ.