වසර 39ක් පුරා සී ෂෙල්ස් දූපත්හි බලයේ සිටි රජය පෙරළා එරට ප්රජාතන්ත්රවාදී සන්ධානය මෙවර මහ මැතිවරණයේ ජය හිමිකරගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඒ අනුව ජනපති ජේම්ස් මිචෙල්ගේ පක්ෂය මෙවර පරාජයට පත්වූ අතර එම පක්ෂය 1977 සී ෂෙල්ස්හි බලය හිමිකරගෙන සිටියේය.
ජනපති මිචෙල්ගේ පක්ෂය ආසන 10ක් පමණක් හිමිකර ගනිද්දී ආසන 15ක් ප්රජාතන්ත්රවාදී සන්ධානයට හිමිවිය.
නව සන්ධානය සමග ඉදිරි වැඩකටයුතු කරගෙන යන බව ජනපති මිචෙල් පැවසීය.
දූපත් 115කින් සැදුම්ලත් සී ෂෙල්ස් දූපත් නැගෙනහිර අප්‍රිකාව ආසන්නයේ ඉන්දියන් සාගරයේ පිහිටි රාජ්‍යයකි.