සේනක බිබිලේ, සමහර විට ඔබ මේ නම අහලත් ඇති, නමුත් ඒ නම අයිති සුන්දර මිනිසා මොන වගේ කෙනෙක්ද කියලා ඔබ නොදන්නවා ඇති. වලව්කාර පැලන්තියකින් පැවත ආවත් මහ පොලවේ පය ගහලා අනිත් මිනිස්සුන්ට සේවය කරපු මිනිසෙක්, සොදුරු වෙදතුමන් ගමට එනතුරු මිනිස්සු බලා සිටියේ සේනක බිබිලේ ගෙදර එනතුරු…
හේතුව තමයි තම්න්ගේ තනතුර වැඩවසම් යුගයේ ආයුධයක් බවට පත් නොකරගත් නිසා…
පියා මිය ගියපු පවුලේ වැඩිමලා විදිහට අධ්‍යාපනයෙන් ඉවත් වෙලා පවුල නඩත්තු කරන්න උත්සහ කරද්දි මේ රටේ පිනට තවත් මිනිසෙක් මෙතුමට වෙද විදුහලට යන්න උදව් කලා.
අනේක විද දුක් විදලා සියලු සුදුසුකම් හදාගෙන රෝහලක සෙවය කරද්දි ඉල්ලුවේ තමන්ගේ දරුවන්ට රාජකීය, විශකා යන්න වරමක් නෙමෙයි, රටේ දරුවන්ගේ සුන්දර අනාගතය ආරක්ශවන්න රටට අවශ්‍ය ඖෂධ ප්‍රතිපත්තියක් සහ පිටරටට රුපියල් යවන එක නතරකරන්න අපේම ඖෂධ නිශ්පාදනය කරගන්න ක්‍රම සොයාගන්න අවස්ථවක්, නමුත් රටේ වගේම ලෝකය පාලනය කරන බහුජාතික සමාගම් එහෙමත් නැතිනම් Multi National Companies තමන්ට තර්ජනය එල්ල කරන පුන්චි මිනිසාව නිහඩ කරන්න දෙවරක් හිතුවෙ නැහැ.
අවාසනාවකට වගේ ලෝකයේ රටවල් 26ක් තමන්ගේ රටට බිබිලේ ප්‍රතිපත්තිය අනුගත කරද්දි මේ සිරි ලකේ හිටපු ජන මූල නායකයෝ වසා දැම්මෙ ජාතියේ දැඩි අකුසල කර්මයක් නිසයි.
අපේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගනගෙන අපේම සල්ලි වලින් වැටුප් ගන්න වෙද මහත්වරු සහ නෝනාවරු මේ බහුජාතික සමාගම් වල අතකොලු වී අවසන්,
තවත් සේනක බිබිලේ කෙනෙක් බිහි වෙද්දී ඒ කළලය ගබ්සා කරන්නත් මේ පිරිස සුදානම්….!!
එහි එක් ප්‍රතිඵලයක් පමණයි අපි මේ දකින්නෙ…!
ජාතියේ අවාසනාව යනු වහල් දේශපාලන බලයට ඔලු සොදා ගත් වෙද හොරු හමුවෙ සුළුතර ජීවක වෙදවරුන් නිහඩ වීමය..!
- Kaushalya Ranasinghe