තුන්වෙනි ලොකයේ රජෙක් වෙනවා කියන්නේ ඒ තරම් ඉස්පාසු දෙයක් නොවේ. ඇන්දවීම් ඇන්ද ගැනීම් බොහෝමයි. මම මේ කියන්න යන කතාවෙන් ඒ ගැන පොඩි ප්‍රවේශයක් ගන්නම්.
” මීට අවුරුදු ගානකට කලින් පරම්පරාවෙන් රජ උන රජෙක් හිටියා, මෙයා පරම්පරාවේ අනිත් රජවරු සෙට් එකට වැඩිය වෙනස්… ඒ නිසාම හැම වෙලාවෙම තොල මතුරපු පොඩි වදනක් තිබ්බා…. වැඩි බලය, වැඩි සැපත! මේ රජතුමා ප්ලෑම් කොරලා තිබ්බේ වයස අවුරුදු 40 පැන්නහම අනාගත රජෙක් හදන්න. හේතුව තමයි 70ව වෙනකන් බලයෙ ඉන්න….
හැබැයි මුන්දෑ එක දෙයකට බයෙන් හිටියා, ඒ තමයි තමන්ගේ මිතුරු රජතුමාට වගේ තමන්ටත් රටේ මිනිස්සුන්ගෙන්ම ගුටි කාලා පාරේ බල්ලෙක් වගේ මැරෙන්න වෙවි කියල… ඉතින් එහෙම ජන නැගිටීමක් වෙන එක නවත්වන්න නොයෙක් ක්ශෙත්‍ර නියොජනය කරන මාකටින් ටීම් එකක් හැදුවා.
හැබැයි මේ මාකටින් ටීම් එක දැනගෙන හිටියා මේක ලෙහෙසි ගෙම් එකක් නොවන බව, ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියල කැපුවොත් කට්ටියම ගොඩ යන බවත් දැනගෙන හිටියා.
මුලින්ම උන්දෑලා කලේ එකම එක දෙයයි. ඒ තමා රාජ නියොග, භාන්ඩාගාරය පාවිච්චි කරලා තමන්ට පක්ශ පාති මොල ගෙඩි නැති වහල්ලු ටිකක් හදාගන්න.
රජතුමාව දේවත්වයට පත් කරලා දැන් එක එක කතා රාජධානිය පුරා යනවා. ඉට පස්සේ හොද වන්දි බට්ටයො ටිකක් හැදුවා රාජාවත් අන්දන්න.
දැන් ටික කාලයක් ගත වුනා, රජා වගේම රටේ මිනිස්සුත් හොදටම ඇන්දිලා… අර මාකටින් ටීම් එක රජ සැප විදිනවා, දවසක් ඔතන හිටපු එක මිනිහෙක් රජාව වගේම රටේ මිනිස්සුන්ව තවත් අන්දලා එහා රටේ රජාට රට අල්ලල දෙන්න හිතුවා.
“අති ගරු ජන මූල නායකයනනි.. අසවල් දවසේ චන්ද්‍ර ග්රහනයක් සිද්ධවෙනවා. ඒ දිනට ශ්වෙතාම්බර පට සලුවෙන් සැරසුනු රජු වගේම දයාර්ද්‍ර රට වාසීනුත් හද වැසෙන මොහොතේ කැනහිලුන් උඩු බුරන්නා සේ උඩු බිරිය යුතුයි…..
ඒ කිව්ව විදිහටම ඔක්කොම සිද්ධ වෙනවා… අසල්වැසි රජ්ජුරුවො හෙළු වැල්ලෙන් හිටපු රජ්ජුරුවො ඇතුලු රටවාසීන් සමුල ඝාතනය කරලා තම්න්ගේ එක් ප්‍රාන්ත රාජ්‍යක් පිහිටුවා ගත්තා”
මේ කතාවෙන් මට කියන්න ඕන උනේ මේ ආසියාකරයේ වගේම නොදියුණු රටවල් තුල සිද්ධ වෙන දේශපාලණික ඇන්ද්වීම් සහ ඇදගැනීම් පිලිබදවයි.
අපේ හිටපු පර්සි මහත්තයට සිද්ධ වුනා වගේම, අනාගත නායක පරම්පරාවට තියන අභියොගයක් තමයි මේක, ඒ කියන්නේ තමන් ජනතාවට අන්දන ශ්වේතාම්බර පට සළු පෙරලා තමන්ට ඇන්දවීම ඔටෝ සිදුවෙනවා කියලා මේ මිනිස්සු දැනගෙන සිටින්නම ඔනි.
මනෝ විද්‍යාවේ වගේම නාට්‍ය කලාව තුලත් අපි දකින එක සමාන තියරියක් තියනවා, ඒ තමයි තමන් සිතින් හදපු චරිතයක්, ප්‍රති රූපයකට ආරුඪ වීම හෝ ආවේශ වීම. මේක ඒතරම් හොද දෙයක් නෙමෙයි.
හිටපු පර්සී මහත්තය කෙල කරගත්තේ ඔන්න ඔතන, ඒ තමයි තමන්ගේ මාර්කටින් ටීම් එක හදපු ප්රතිරූප චරිතයට ගලවන්න බැරි විදිහටම ආරුඪ වුනා.
ජැකාගේ “දුශ්ට ගාමිණී පරපුරේ පුරුක, බුදුන්ගේ ලේ ධාතුව” කියන නාමයන් දරගන්න හිටපු පර්සිට බැරි උනා. අවසානයේ වශි බෝල අතේ දරගන්න, කෞතුකාගරයෙන් කඩු ඔටුනු අතුරුදන් වෙන්න පටන් ගත්තා, මහා මන්දිර ගොඩ නැගුනා. එතැකින් නොනැවතුනු මේ සිදුවීම් සාධාරණ කරන්න ඔලු සොදාගත් වහල් හමුදාවකුත් බිහි කරා. ජ්‍යොතිශය වන්දි බට්ටයන්ගේ ලණු කාලා ජනවාරි 8ට ගෙදර ගියා. ( 2600 බුද්ධ ජයන්තියට සන්විධානය කරපු ධර්ම දේශනාවක් මහරගම තරුණ සේවා සභාවේ තිබුනා, ඒ ස්වාමින් වහන්සේ බුදු ගුණ කිය කියා බණ දේශනා කරනකොට, පර්සි මහත්තයා ආවා. එක පාරටම බුදු ගුණ පැත්තකින් තියලා, අපේ රටේ පහල උන දියසෙන් කුමරා ගැන, සිරිපාදෙන් හමුවුන රන් පතක පර්සි ගැන ලියලා තිබුනු අයුරු දේශනා කොලා. මුණ පෙන්නලා යන්න ආපු පර්සි මහත්තයට බණ අහන්නවත් වාසනාවක් තිබ්බෙ නැහැ, ප්‍රශන්සාව අහගෙන විනාඩි 5ක් ඉදලා යන්න ගියා! අන්ද බාල පෘතක්ජනයා ප්රශන්සාවෙන් ඇන්දුනාහම සුලි සුළගට අසුවුන කුරුල්ලෙක් වගේ විනාස වෙනවා කියන බුද්ධ දේශනව එදා ඒ බණ දෙශනාවෙ කිය වුනා නම්, පර්සිත් ඒ ටික අහලා හැදුනා නම්..)
එදායින් පස්සේ මෙවා වෙනස් වෙලා හිටපු පර්සි අහසින් මහ පොලවට බහි කියලා හිතුවත් වටේ හිටපු කිනිතුල්ලොම ආයෙත් පර්සිව සරුනගලේ පා කරනවා වගේ උඩ යවන්න පටන් ගත්තේ මැදමුලනේ ජනෙල් ගැට්ටෙදිමයි; “මරලා ගන්නනේ තිබ්බෙ!” කියලා වහලෙක් උඩුබුරලනොකොට පර්සිගේ උත්තරය උනේ ”නැහැ, මම ඉවසුවා” කියන එකයි.(ඒ කියන්නේ ඉවසපු නැති වෙලාවලුත් තිබ්බා කියන එකනේ)
එතනින් පටන් ගත්ත පන්සල් ගමනින් අගමැති හීනය බොදකරගත්තේ පොඩි මන්ත්‍රී පට්ටමකුත් ගන්න ගමන්. පර්සී මහත්තයො ඔයා තාමත් දන්නේ නැහැ එදා ඔයාව අන්දපු අය දැන් ඔයාව කිච කරනවා කියලා. බල තන්හාවෙන් පිරුනොත් ජනපති මයිත්රිට වගේම, අගමැති රනිල්ටත්… ඒ වගේම අනාගත අන්කූර නායකයින්ටත් සිද්ධ වෙන්නේ ඔය සන්තෑසියමයි. ඒ නිසා පර්සීගෙන් ඔය පාඩම අපෙ අනාගත පරම්පරාවට කියල දිය යුතුමයි.
ඒ වගේම එරොටු මේනියාවෙන් යුතු (මේ එරොටු මේනියාව නම් මානසික රෝගය ගැන අපි වෙනම කතා කරමු ) පර්සිව අන්දන අය දැන්වත් ඔය පාප කර්මය නැවත්විය යුතුයි. දේශපාලනයට දේවත්වය, පාරම්පරික රජ කම කියන සුදු හුණු ගාන එක නැවත්වන්නට දැන්වත් අපිට නොහැකි උනොත් සදාකාලිකව අපේ රට තුල දේශපාලක්යිනට කත් අදින, ඔලු නමන පරම්පරාවක් මිස බිහිවෙන්නේ, ඒ නායකත්වයෙන් වැඩ ගන්න පරපුරක් නෙමෙයි.
ඒ නිසා අනාගත පරපුරවත් ජනතාව ගොනාට නොඅන්දා, රටට සේවය කරන අවන්ක හැගීමෙන් පෙරට එන්න.මේ වහල් බයිලාව නවත්වන්න පෙර පාඩම් හිතට ගන්න.අවසාන්යේ නන්දා මාලිනිය ගීතවත් කල සුනිල් මහතා පද බැදුම් කල මේ දේ ඔබත් හිතට ගන්න.
“රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ…
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ…
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ…
වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ…”
සටහන – කෞශල්‍ය රණසින්හ