2016 – රියෝ පැරාලිම්පික් ක්රීඩා උළලේ පාපැදි තරගයක් අතරතුරදී හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ඉරාන ජාතික පාපැදි ක්රීඩකයෙකු මියගොස් තිබේ.
පාපැදි පිරිමි C – 4 කාණ්ඩයේ තරගයක් අතුරදී මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි ඉරාන ජාතික සරෆාස් බහමන් නම් පාපැදි ක්රීඩකයා ය.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ, සරෆාස් බහමන් බ්රසීල වේලාවෙන් ඊයේ උදෑසන 10.35 ට පමණ, මිය ගොස් ඇති බව ය.
අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව පවසන්නේ, මෙය 1960 වසරෙන් පසු පැරාලිම්ක් ක්රීඩා උළලේ සිදු වු පළමු මරණය මෙය බව ය.
තරගය අතරතුර කඳුකර ප්රදේශයකදී සරෆාස් බහමන්ට හෘදයාබාධ වැළඳී ඇති බව ත් ඉන් පසු ඔහු බිම ඇද වැටී මියගොස් ඇති බව ත් විදෙස් වාර්තාවල වැඩි දුරටත් සඳහන් ය.
ඔහුගේ මරණය පිළිබඳව අන්තර් ජාතික පැරාලිම්පික් සංගමයේ සභාපතිවරයා සංවේගය පළ කර ඇති අතර රියෝ පැරාලිම්පික් ගම්මානයේ ඉරාන ජාතික ධජය අඩකුඹු කර ඔසවා තැබීමට කටයුතු කර තිබේ.
අද නිමාවට පත් වන 2016 රියෝ පැරාලිම්පික් ක්රීඩා උළලේ සමාප්ති උළලේදී ඉරාන ජාතික පාපැදි ක්රීඩක සරෆාස් බහමන් වෙනුවෙනු නිශ්ශබ්ද තාවයක් ද පැවැත් වීමට නියමිත ය.