රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන්ගේ දරුවන්ට පාසල් ඉල්ලා ඇති ආකාරය සම්බන්ධයෙන් වන ලේඛණ කිහිපයක් ‘දුෂණ විරෝධී පෙරමුණ‘ විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
එම ලේඛණවලට අනුව ඇතැම් වෛද්‍යවරු හෝමාගමින් මහරගමට මාරුවීම් ලැබුණු විට මෙන්ම ළමා රෝහලෙන් ජාතික රෝහලට මාරුවීම් ලැබුණු අවස්ථාවල දීත් කොළඹ ප්‍රධාන පාසැල්වලට දරුවන් ඇතුළත් කිරීමට ඉල්ලීම් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඇතැමුන් වැලිමඩ සිට වතුපිටිවල රෝහලට මාරු කළ විටද කොළඹ ජනප්‍රිය පාසැල් ඉල්ලා ඇති බවයි දුෂණ විරෝධී පෙරමුණ පෙන්වා දෙන්නේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ ජනප්‍රිය පාසැල් සඳහා දරුවන් ඇතුළත් කිරීමේ අවස්ථාව ලබා දී ඇති බව සහ පරිපාලන නිලධාරීන්ට තම දරුවන් සේවා අවශ්‍යතා මත ජනප්‍රිය පාසැල් සඳහා ඇතුළත් කිරීමේ හැකියාව ඇති බව අමතක කළ යුතු නැතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් පවසනවා.



