ප්ලාස්ටික් ලැමිනේටඩ් සීලින් ෂීට් ආනයනයේ දී රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් රේගු බදු ලෙස රජයට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.
මෙය වසර දෙදකට ආසන්න කාලයක් ඉතා සූක්ෂම අයුරින් සිදු වූ දැවැන්ත වංචාවක් බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.
ගොඩනැගිල ද්‍රව්‍ය ආනයනයේ දී රේගුවේ වර්ගීකරණ අංක 3925-HS යටතේ නිකුත් විය යුතු භාණ්ඩයක් වුවද එය බදු පනත උල්ලංඝනය කරමින් 3916 නැමැති වර්ගීකරණ කාණ්ඩ අංකය යටතේ මෙම භාණ්ඩ නිදහස් කර ඇතැයි ද පැවසේ.
ලංකාවේ ප්‍රසිද්ධ ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය කරණ සමාගමක් මගින් රේගුවට වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් වසර දෙකක කාලයක සිට මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කර තිබේ.
ලෝක රේගු සංවිධානය (WCO) හඳුන්වා දී ඇති නීති රෙගුලාසි පවා උල්ලංඝනය කරමින් ඊට වැඩි බලයක් පෙන්වා රේගුවේ නිලධාරියෙකු නීති විරෝධී ලෙස වැරදි වර්ගීකරණයක් යටතේ අදාළ භාණ්ඩ වර්ග දෙකක් අඛණ්ඩව නිදහස් කර ඇතැයිද එම ආරංචිමාර්ග පවසයි.
3916 වර්ගීකරණ අංකය යටතේ ප්ලේන් ෂීට් පමණක් නිදහස් විය යුතු බව සඳහන්ව තිබියදී වැඩි බදු අනුපාතයක් ඇති 3925 වර්ගීකරණ අංකය භාවිතා නොකරමින් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති කන්ටේනර් ප්‍රමාණය 225කට ආසන්න බවත්, එය වසර 2014 සිට ක්‍රියාත්මක වී ඇති බවත් සඳන්ය. රේගු වර්ගීකරණ ඒකකය නොමග යවමින් හා නිවැරදි විමර්ශනයක් නොකර සිදු කර ඇති මෙම ක්‍රියාව හේතුවෙන් රජයට සිදුව ඇති වැ බදු අලාභය රුපියල් කෝටි 10කට ආසන්න බවත් එම කන්ටේනර් බහාලුම් වර්ගීකරණ ඒකකයට යොමුකළද අදාළ නිලධාරියා එය සඟවා ඇති බවත් රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.