ඊයේ (19) හවස නුවන් කුලසේකරගේ මෝටර් රථයේ ගැටිලා මියගියපු තරුණයා කුලසේකරව හොඳින්ම හඳුනන කෙනෙක් කියලා මේ වෙද්දි තොරතුරු ආරංචි වෙනවා. මේ ගැන මියගියපු අරවින්ද කියන තරුණයාගේ සමීපතම ඥාතියෙක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙත් සටහනක් තබලා තියෙනවා.
නුවන් කුලසේකර නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේ හැදී වැඩුණු කෙනෙක් වගේම රන්පොකුණගම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අයෙක්. මේ අනතුර සිද්ධවුණෙත් කුලසේකර රන්පොකුණගම තමන්ගේ ගමේ ඉඳන් එනගමන් කියලා තමයි ආරංචි.
මේ අරවින්ද කියන තරුණයා කුලසේකර එක්ක එකට ක්‍රිකට් සෙල්ලම් කරපු කෙනෙක් කියලත් අපි කලින් කීව ඥාතියා ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තියෙනවා.