• Thu. Feb 2nd, 2023

නුවන් කුලසේකරට ඇප (ඡායාරූප සහිතයි)

BySandun

Sep 20, 2016

කිරිල්ලවල රන්මුතුගල දී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ක්‍රීකට් ක්‍රීඩක නුවන් කුලසේකර ඇප මත මුදා හරිනු ලැබීය.

කොළඹ-නුවර මාර්ගයේ කඩවත,රන්මුතුගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.

නුවර සිට ‍කොළඹට සිය මෝටර් රථයෙන් පැමිණෙමින් සිටි කුලසේකර පැමිණි රථයට රන්මුතුගල ප්‍රදේශයේදී යතුරුපැදියක ගමන් කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත.

‍තරුණයා ගමන් කරමින් සිටි යතුරුපැදියෙන් ඇදවැටීමෙන් පසු මෝටර් රථයට යටවී ඇති බව පොලීසිය පවසයි.

නුවන් කුලසේකර මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

14389871_1517500008261974_1827692729_n-250x319 14407789_1517499504928691_1331699977_n 14397881_1517500981595210_2012630660_n 14429378_1517500544928587_1908707614_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *