පසුගිය දිනක ධවල මන්දිරයේදී එරට ප්‍රකට විකටයෙකු සහ අධ්‍යක්ෂක වරයෙකු වන මෙල් බ්රූක්ස් ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ කලිසම ගැලවීමට තැත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔබාමාගේ කලිසම ගැලවීමට තැත් කරන ලෙස රඟපා ජනාධිපතිවරයා ඇතුළු බලා සිටි සියළු දෙනා හිනැස්සවීමට ඔහු සමත් වූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
බ්රූක්ස් හාස්‍ය උත්පාදක නිර්මාණ ක්ෂේත්රයේ කරන ලද මෙහෙවර උදෙසා පදක්කමක් පිරිනැමීමට ධවල මන්දිරයට ආරාධනා කල අවස්ථාවේ මේ සිද්ධිය සිදු වී තිබෙනවා.
එහි වීඩියෝව පහතින් නැරඹිය හැකියි.