ලබන අටවැනිදා පැවැත්වෙන රැස්වීම ජනතාවගේ පොදු වේදිකාවක් වන බවත් තමා අලුත් පක්ෂයක් පිහිටවන්නේ නැතත් ජනතාව අලුත් පක්ෂයක් පිහිටුවනු ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා යටිනුවරදී පැවසීය.
දිවංගත හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ තිස්තුන්වන ගුණ සැමරුමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ අතර රජයට රටේ පවතින තත්වය කියන්නට යෑම බිහිරි අලින්ට වීණා වැයිමක් වැනියයිද පැවසීය.එසේම නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වී ඇති බවත්ඔ නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ක්රියාකලාපය පිළිබඳව කණගාටුවක් පවතින බව ත් ඔහු පැවසීය.