• Mon. Jan 30th, 2023

විග්නේශ්වරන්ට රාමාගෙන් ලියුමක්.

BySandun

Sep 26, 2016
විග්නේෂ්වරන් මහතා වෙත,
 
එදා විජය රජු ලංකාවට ගොඩ බැසීමේ සිට විවිධ ආක්‍රමණිකයන්ගේ ගහනයට පත් වූ ලංකාව සිංහල ,දෙමළ,මුස්ලිම් ,බර්ගර් යන ජන කොට්ඨාස ජීවත් වන්නාවු රාජය්‍ය කි.මේ දිවයිනේ ජීවත් වන්නේ විවිධ ආගම් අදහන ශ්‍රී ලාංකිකයන් බව ඔබට මතක් කිරීමට කැමැත්තෙමු.
 
දශක 3ක කුරිරු වූ ත්‍රස්තවාදයකින් බට කෑ අපි දැන් එහි අලු ගසා දමා නැගිට දියුණුව කරා කෙමෙන් පියවර තබන්නෙමු.ලංකාවේ ශ්‍රී ලාංකිකයන් වන අපට දැන් ප්‍රශ්නයක් නැත.දැන් අපිට ඇති එකම ගැටලුව නම් දැවැන්ත ආර්ථිකයකට හිමිකම් කියනා තුන් වෙනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක යන හැඳින්වීම අතහැර දියුණු රටක් නිර්මාණය කිරීමයි.ශ්‍රී ලාංකිකයන් ලෙස අපිට ඇති එකම ගැටලුව එයයි.
 
නමුත් ඔබ තුමා නැවත ජාති වාදය වැපිරීමට තැත් කරන බව පෙනෙන්නට ඇත.ඔබට බුදු දහම ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ.බෞද්ධ විහාර යාපනයේ සෑදීම ඔබට දැන් ගැටලුවකි.සිංහල මිනිසුන් යාපනයේ පදිංචි වීම ඔබට ගැටලුවකි.මේ ප්‍රශ්න වලට අපට පිළිතුරු ඇත.බුදු දහම අපේ ජීව නාලියයි.ශ්‍රී ලංකාව බුදු දහමින් පෝෂණය වූ රාජය්‍යකි.එය වෙනත් ආගමිකයන්ට ගැටලුවක් නොවේ.සිංහල බෞද්ධයන් පමණක් නොව ද්‍රවිඩ බෞද්ධයන් මේ රටේ ජීවත් වන බව ඔබ නොදන්නවා විය නො හැක.බෞද්ධ අප කෝවිල් යන විට ද්‍රවිඩ මිනිසුන් පන්සල් එති.කිතුණු මිතුරන්ගේ නිවෙස් වලට නත්තල සැමරීමට යන අපට ඉස්ලාම් මිතුරන් ඔවුන්ගේ අවුරුද්දට කෑම පිඟන් එවීමට අමතක නොකරයි.අන්තවාදී කණ්ඩායම් වලට හැරුණු කොට බෞද්ධයන් හෝ බෞද්ධ වෙහෙර විහාර පිළිබඳව ගැටලුවක් අන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට නොමැත.
 
ලේ වගුරමින් කඳුලු මැදින් නිමාකළ ඒ යුද්ධය නැවත අපට උවමන නැත.යාපනයේ පළමුව වාස භූමි කර ගත් සිංහල මිනිසුන් යුද්ධයට පෙර සිටි බව අමතක නම් ඉඩම් කන්තෝරුවට ගොස් ඒ පිළිබඳ සොයා බැලීම මැනවි.කොළඹ හා අනෙකුත් නගර සියල්ලක පාහේ සියලු ජාතීන් සමගියෙන් ජීවත් වෙයි.යාපනයේ දෙමළ ජනතාවට ද සිංහල අපි ගැටලුවක් නොවන බව දඹකොල පටුන විහාරයට,කීරමලයට,නාගදීපයට මෙන්ම නල්ලූර් කෝවිලට යන අප දැක ඇත.ඔවුන්ගේ ආචාරශීලීත්වය අප අත් විඳ ඇත.අපිට පෙනෙන්නේ ඔවුන්ට නොව ඔබට මෙය ප්‍රශ්නයක් වී ඇති බවයි.අප ජාතීන්ගේ සංහිඳියාව ඔබ හා අනෙක් නිර්ලජ්‍ය දේශපාලනඥයන්ට තර්ජනයක් වී ඇති බවයි.
 
ඔබගේ පටු අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් යාපනයේ දෙමළ මිනිසුන් හා අනෙකුත් ජන කොටස් අතර ඇති ඒ හිතවත් කම ඒ උතුම් මිනිසත් බැඳිම නැති නොකරන මෙන් ඔබගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.හමුදාව සිටීම දෙමළ මිනිසුන්ට කරදරයක් බව පවසමින් ඔවුන්ගේ ඔලු විකෘති කරන්නේ ඔබය.නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා අවශ්‍ය සාමකාමී වාතාවරණය පවත්වා ගැනීමට හමුදා කඳවුරු අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමන්ට හා අගමැති තුමන්ට අප මතක් කර සිටින්නෙමු.මන්ද ඔබ වැනි ජාතිවාදය වපුරන අංකුර නැවත කත් අදින්නේ කුමකට දැයි අපි හොඳාකාරව ම දන්නා නිසාය.අපට ඒ අහිංසක ජනතාව ඔබ වැනි පාපතරයන්ගේ අමන ක්‍රියාවන්ට බිළිදිය නොහැක.තවද රජය අත්තඩංගුවටගත් කොටි සාමාජිකයන් පුනුරුත්ථාපනය කරමින් ක්‍රමානුකූලව සමාජයට මුදා හරිමින් සිටී.ඔබ ඒ පිළිබඳව හාන්කවිසියක වත් සැකයක් නොතබන මෙන් ඉල්ලා සිටිමු.
ramaතවද රජයේ ස්ථාවරයද ප්‍රකාශයට පත්කර ඇති නිසා ඔබගේ පටු අරමුණු සපුරා ගැනීමට නොහැකි වන බව මතක් කිරීමට කැමත්තෙමු.ඔබ යම් අදිසි හස්තයකට අනුව ක්‍රියා කරන බව මනාවට පැහැදිලිය.අවසාන වශයෙන් කිව යුත්තේ අනුන්ගේ ලණු නොකන ලෙසය. සංහිඳියාව ඇතිකිරීමට උදව් ලබාදෙන මෙන් ඔබගෙන් ගෞරවය පූර්වකව ඉල්ලා සිටින්නෙමු.
 
-රටට ආදරේ ශ්‍රීලාංකිකයෙක්-
(රාමා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *