• Sat. Jan 28th, 2023

ජනපතිගේ නම විකුණා ලක්ෂ 650 ක රුසියානු සවාරියක් යන්න මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරු ලෑස්ති වෙයි..!!

BySandun

Sep 27, 2016

රුපියල් ලක්ෂ 650 ක මහජන මුදල් වැයකර අධ්‍යාපනය කෘෂිකර්ම හා පළාත් පාලනය පිළිබඳ රුසියා සංචාරයක් සඳහා අඟහරුවාදා (27) පිටත්ව යන මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ හා රාජ්‍යය නිලධාරීන් ලබන ප්‍රගතිය ජනතාවගෙ පැත්තෙන් ඒ ආකාරයටම ලබනවාද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් සංචාරයෙන් අනතුරුව තමන්‍ට ලබාදෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දැනුම්දී ඇත.

මෙම සංචාරය සම්බන්ධව මාධ්‍යය මගින් වාර්තා කිරීමත් සමඟ ආණ්ඩුකාරවරිය දුරකතනයෙන් තානාපති අමතමින් මන්ත්‍රීවරුන් හා නිලධාරීන් අධ්‍යයන චාරිකාවක් බව පවසමින් මෙරටින් පිටත්ව යන බැවින් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස පවසා තිබේ.

එම කණ්ඩායමට මන්ත්‍රීවරුන් 29 දෙනකු සහ පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් සමන්විත වන අතර  මෙය පළමු කන්ඩායම වන අතර තවත් ඛන්ඩායම් මේ ලෙසින් පිටත්ව යැාමට කටුයුතු සූදාන්ම් කොට තිබෙයි

තම එදිනෙදා කටයුතු සහ පළාතේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මධ්‍යම පළාත් සභාවට අවශ්‍ය මුදල් පිළිබඳව දැඩි අර්බුදයක සිටියදී මෙන්ම මෙම මන්ත්‍රීවරු 58 දෙනාට රුසියාව බලා පිටත්වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත් හා සංචාරය අතරතුරදී යන වියදම් සඳහා ලංකා බැංකුවේ ඇති මධ්‍යම පළාත් සභාවේ විශේෂ ගිණුමකින් රුපියල් ලක්‍ෂ 650ක මුදලක් නිදහස් කරන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් සභා ලේකම්වරයා විසින් එම බැංකුව වෙත පසුගියදා ලිපියක් නිකුත් කොට තිබේ.

පළාත් සභාවේ කටයුතු  සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම සහ අත්දැකීම් ලබා ගැනීමේ  අධ්‍යයනයක නිරත වීමට බව පවසමින් සිදු කරනු ලබන මෙම සංචාරය හදිසියේ යොදා ගත් එකක් බව වාර්තා වන අතර මේ සඳහා පළාත් සභාවේ පූර්ණ අනුමැතිය ලබා ගෙන ඇතත් මේ වන විට පළාත් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් අයුරින් නොමැති තත්ත්වයක් තුළ මෙවැනි සංචාරය පළාතට කොතරම් ප්‍රායෝගික වේදැයි මධ්‍යම පළාත් සභාවේ මූල්‍ය කටයුතුභාර නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කරති.

මෙම සංචාරයට සහභාගී වන්නෙක් පැවසූයේ මෙම සංචාරය අධ්‍යයන වාරිකාවක් බවයි.මේ සඳහා මුදල් පසුගිය අයවැය ලේඛනය මගින් වෙන් කර තිබූ බවද සංචාරය සඳහා වගකිව යුතු සියලු අංශ වලින් පූර්ණ අනුමැතිය ලබා ගෙන ඇති බැවින් මෙම සංචාරය නීත්‍යනුකූල සංචාරයක් බවද ඔහු පවසයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වාචික අනුමැතිය මෙම සංචාරය සඳහා හිමිවූ බව සඳහන් කරමින් මධ්‍යම පළාත් මහ ඇමැති හා මන්‍ත්‍රීවරු පිරිසක් පැමිණ තම අනුමැතිය ඉල්ලා සිටි බවත් ඔවුන්ගේ ලිඛිත ප්‍රකාශය කෙරෙහි විශ්වාසය තබා තම අනුමැතිය දුන් බවත් ඒකනායක මහත්මිය කීවාය.

මධ්‍යම පළාත් සභාව දැඩි මූල්‍යය අර්බුදයක පවතින අවස්ථාවක මහජන නියෝජිතයින් මෙවැනි සංචාරයක නිරතවීම අනුමත කළ නොහැකි බවත් මෙය විධිමත් සංචාරයක් නොවන බවට සැකයක් එය සංවිධානය කෙරෙන ආකාරය අනුව පෙනීයන බවත් ඇය ප්‍රකාශ කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *