පසුගිය රාජපක්ෂ සමයෙහි ඝාතනය වූ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් අද නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.
ඒ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නැති බව සඳහන් කරමින් එහි පැමිණි මාධ්‍යවේදීයෙකු දිගින් දිගටම නියෝජ්‍ය ඇමතිවරයාගේ අදහස් දැක්වීමට බාධා පමුණුවමින් නැගී සිට කතා කිරීමත් සමගයි.
මේ සමගම කෝපයට පත් නියෝජ්‍ය ඇමතිවරයා “මාධ්‍යවේදියෙක් අමු අමුවේ මරලා දැම්මා බල්ලෙක් වගේ. එතකොට සද්ද නොකර හිටපු මිනිස්සු දැන් කෑ ගහනවා. මේ වගේ මිනිස්සු මාධ්‍යවේදියෝද” කියමින් එම හමුව නවත්වා ඇතැයිද වාර්තා වෙනවා.
ධනංජය නමැති එම මාධ්‍යවේදීයා මීට ඉහතදීද මෙවැනිම ආකාරයේ වූ රාජපක්ෂවරුන් රැකීමේ උත්සහයන් වල නිරත වූ බැවින් ඔහුසේවය කරන ආයතනයෙන් ඔහුට කිහිපවතාවක්ම අවවාද කර තිබූ බවත් සඳහන් වෙනවා.
එමෙන්ම ඔහුගේ මෙම ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව එම මාධ්‍ය හමුවට පැමිණි සිටි අනෙකුත් මාධ්‍යවේදීන් හෙලා දැක ඇතැයිද වාර්තා වෙනවා.
වැඩිදුර විස්තර බලාපොරොත්තු වන්න…