සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර යළි ගොඩගැනීමේ අවස්ථාවට මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන්ට යාමට නොදෙන ලෙස පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටි නිසා ඔවුනට ඉඩ නොදුන් අතර, එහෙත් කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා මිහිදන් කළ සොහොනට උඩින් ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය කලබල විය.
ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට පොලිසියට නොහැකි වූ අතර, කනත්තේ වැටෙන් එළියේ තබා සිටි මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දුව ආවත් ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි විය.
මේ අතර මාධ්‍ය සදාචාරය බල්ලට යවා එම ඩ්‍රෝන් යානාව යවා ඇත්තේ, හිරු මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.
දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ගැන කොන්දක් ඇති මාධ්‍ය වාර්තාකරනයක් සිදු කිරීමට නොහැකිව ඒ මේ අත දැගලූ ඔවුන් ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ සාමාජිකයන් ඡායාරූප ගත කිරිම සිදු නොකරන ලෙසට ඉල්ලීමක් සිදු කලද, ඒ සියල්ල පැත්තකට දමා හුදෙක් තම ආශව සංසිඳුවා ගැනීම ගැන ‘හිරු මාධ්‍ය ජාලය’ ලජ්ජා විය යුතුය.