ගර්භණී ගුරුවරියන්ට සාරිය වෙනුවට සෞඛ්‍ය සම්පන්න පහසු හා සදාචාරාත්මක ඇඳුමකින් සැරසී පාසලට පැමිණීම සඳහා අවසර ලබාදීම කෙරෙහි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අවධානය යොමු කර ඇත.
ගුරුවරියන්ට පාසලට පැමිණීමේදී සාරියකින් සැරැසීම අනිවාර්ය බැවින් ඔවුහු ගර්භණීභාවයට පත්වීමෙන් පසුවද සාරිය අඳිති.
එහෙත් ඊට වඩා පහසු ඇඳුමකින් සැරැසී රාජකාරියට පැමිණිය හැකි නම් එය කුසේ සිටින දරුවාට මෙන්ම තම සෞඛ්‍යයටද වඩා උචිත බවට ගුරුවරියන්ගේ පාර්ශ්වයෙන් අදහස් ඉදිරිපත් වීම නිසා ඇමැතිවරයා ඒ පිළිබඳ අවධානය යොමු කර තිබේ.
නිල ඇඳුම් අඳින සේවාවන්හි නියැළෙන කාන්තාවන් ගර්භණියන් වූ විටෙක ගැළපෙන පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබාදෙන බවද ඔවුහු ඇමැතිවරයාගේ අවධානයට යොමු කර ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සොයා බලා ගර්භණී ගුරුවරියන්ට සුදුසු ඇඳුමක් නිර්දේශ කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ඇමැතිවරයා නිලධාරීන්ට දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙක් කීය.
දයා පෙරේරා