දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම ජාතිවාදයක් නොවන බව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
එලුග තමිල් වැඩසටහන ඉතා සාමකාමී පාගමනක් වූ බවත් උතුරු මහ ඇමැතිවරයා බී. බී. සියට පවසා තිබේ.
ජීවිත කාලය තුළ තමා ජාතිවාදියකු ලෙස කටයුතු නොකළ බව ද තම දරුවන් දෙදෙනා ද සිංහල ජාතිකයන් සමඟ විවාහ වී සිටින නිසා තමා කිසි විටක සිංහල විරෝධියකු නොවන බව ද හෙතෙම කීය.
චතුර පමුණුව