අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් මේ ගැන පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් දේශපාලන බලපෑම් මත ඉකුත් රාජපක්ෂ පාලන සමයේදී චක්‍රලේඛවලට පටහැනිව ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කරගත් සියලූම මාධ්‍යවේදීන්ගේ නම් ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙහිදි කොළඹ විශාඛා, කොළඹ රාජකීය, කොළඹ ආනන්ද යන විද්‍යාල 03 ට චක්‍රලේඛයන්ට පටහැනිව ඇතුළත් කළ මාධ්‍යවේදින්ගේ දරුවන් ගැන සඳහන් කිරිමට අපේක්ෂිතය.
වත්මන් රජය යටතේ සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදි සුරංග සේනානායකගේ දියණිය කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් කළ බවට රජයට එල්ල වන චෝදනාවන්ට පිළිතුරු ලෙස මෙලෙස ඉකුත් රජය යටතේ දේශපාලන බලපෑම් මත ජනප්‍රිය පාසල්වලට ඇතුලත් කළ මාධ්‍යවේදින්ගේ දරුවන් ගැන හෙළිදරව් කිරිමට නියමිතය.
විශේෂයෙන්ම දේශපාලන බලපෑම් මත 2005 සිට මේ දක්වා කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් කළ මාධ්‍යවේදින්ගේ දරුවන්ගේ නාම ලේඛනයක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. එම තොරතුරු ඉක්මනින් සකස් කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.