අම්බලන්ගොඩ ප්‍රදේශයේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක හැලඹගේ ප්‍රේමසිරි මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ගාල්ල ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හැලඹගේ ප්‍රේමසිරි මහතා අගෝස්තු මස 12 වන දින සිය නිවස ඉදිරිපිටදී මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබිණි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අම්බලන්ගොඩ පොලීසිය පෙරේදා දිනයේ ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් අතර ඒ අනුව සිදුකළ පරීක්ෂණයකදී තවත් සැකකරුවෙකු ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ලද තොරතුරු මත ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම වර්ගයේ ජීව උණ්ඩ 12ක්, මැගසිනයක්, මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයක් සහ එම උණ්ඩ 04ක් සහ මැගසිනයක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.