ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වයස අවුරුදු 13 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදි හිටපු ක්‍රීකට් ක්‍රීඩක ටී.එම් ඩිල්ෂාන්ගේ පුතණුවන් වන රෙසඳු තිලකරත්න ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.
කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව පසුගියදා පැවැති මෙම තරගයේදී රෙසඳු තිලකරත්න රාජකීය විදුහල වෙනුවෙන් නොදැවී ලකුණු 114 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම පන්දුවාර 65 ක් තුළ ලකුණු 320 වැනි ඉහළ සංඛ්‍යාවකට ඔසවා තැබීමට සමත් වීම විශේෂත්වයක්.