සමහර ප්රදේශවලට බොන්න වතුර ටිකක් නැති තරමටම වියළි කාලගුණික තත්ත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ.ඉතිං මේ කාලගුණික තත්ත්වය මිනිස්සුන්ට වගේම සතුන්ටත් එකවිදියටම බලපානවා.
ඒ විදිහට ජලය සිදී ගිහින් පොඩි ජල පහරක සිටි මාළුවෝ ටිකක් තරුණයෝ පිරිසක් එකතු වෙලා බේරගෙන තිබුණා.
කරදරයකදි අහක බලාගෙන යන මිනිස්සු අතරේ මේ තරුණයෝ කරපු ක්රියාව අගය කරන්න ඕන නිසාමයි අපි මේ ගැන ඔබට කියන්න හිතුවේ.මේ හැමදේම එහෙම වුණත් ඒ අතර තවත් කඳුළු කතාවකුත් ලියවිලා තිබුණා.
ඒ තමයි අපි කළින් කියපු මාළුන්ගේ ජීවිත බේරාගත්තු අය අතර හිටපු අවුරුදු 16 ක් වුණු රංවල පැත්තේ පදිංචි සිසුවෙක් ගොඩකවෙල වැවේ ගිලී මියයෑම.ඔහුගේ සිරුර ගොඩකවෙල පොලිසිය, සිවිල් ආරක්ෂක නිලධාරීන් සහ ප්රදේශවාසීන් එකතුවෙලා හොයාගෙන තිබුණා.
හිතුවෙවත් නැති විදිහට හොඳ හිත තියෙන තරුණයෙක් අකාලයේ මියගිය එකට එයාගේ යාළුවෝ වගේම ගමේ අයත් ඉන්නේ ලොකු දුකකින්.
හිත හොඳ මිනිසුන්ට ඉක්මණින්ම මේ ලෝකේ හැරදාලා යනවා කියන්නේ මේ නිසාම වෙන්නැති.
‘ගමම හඬවා සඳහටම ඔබ අපෙන් වෙන්ව ගියත් ඔබේ මතකය කිසිදා නොමියනු ඇත‘‘ ඔහු ගේ මිතුරෙක් ඔහුට සමුදී තිබුනේ එලෙසිනුයි.
ඡුායාරූප හා එම වීඩියෝව පහතින්…
https://www.facebook.com/SaveElephantsInSriLanka/videos/591168447735941/