ඉන්දියාවේ දේශපාලකයන් පිරිසක් එක්වී බල්ලන් මරා දැමූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
දඩාවතේ යන බල්ලන් පිරිසක් මෙසේ මිය යන තුරු පහර දී මරා දමා ඇති බවයි වාර්තාවන්නේ.
පසුව මරා දැමුණු බල්ලන් කොට්ටයාම් නගරයේ එක් පෙළට තබා ප්රදර්ශණය කර තිබෙනවා.
කොට්ටයාම් නගරවාසීන්ට දඩවතේ යන සුනභයන්ගෙන් දැඩි අනතුරු සිදුවන බව පවසා ඔවුන් මෙසේ කර ඇති බවයි වාර්තාවන්නේ.
පසුව එරට පොලීසිය විසින් එම බල්ලන් එතැනින් ඉවත්කර ඇති අතර සිදුවීමට සම්බන්ධ වූ දේශපලකයන් ඇතුළු පිරිසකට නඩු පවරා තිබෙනවා.
එරට සත්ව සංවිධාන වලින් මේ පිළිබඳව දැඩි විරෝධයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.