• Thu. Feb 2nd, 2023

ඩොලරය හමුවේ ශ‍්‍රි ලංකා රුපියල දිගින් දිගටම අවප‍්‍රමාණය වීම හේතුවෙන් වාහන මිල නැවත වතාවක් ඉහල ගොස් ඇත.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා සදහන් කරන්නේ මෙනිසා කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්‍ෂයකින් පමණ ඉහල ගොස් ඇති බවයි.

ආනයන පිරිවැය තව දුරටත් ඉහල ගියහොත් කර්මාන්තය පවත්වාගෙන යාමේ අසීරුතාවක් ඇතිවන බවද ඔහු පැවසීය.

මේ අතර එළැඹෙන ජූලි මස පළමුදා සිට ශ‍්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමේදී වායු බැලූන, ආසන පටි, ආදී ආරක්ෂිත ක්‍රමයන් නොමැති වාහන අත්හිටුවා ඇත.

ඉදිරි අසුන් සදහා වායු බැලූන, ABS තිරිංග පද්ධති සහ ඉදිරිපස, පසුපස අසුන්වලද ආසන පටි අනිවාර්ය යයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *