2017 සඳහා වූ ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙල වසරේ ජනප්‍රියම ගායකයා ලෙස සාමානයෙන් පිදුම් ලබන්නට අප කාගේත් සිත් දිනාගත් චාමර වීරසිංහට හැකිවුනා.
ඔහු කෙතරම් නිහතමානි චරිතයක්ද යන බව අපි හැමෝම දන්නවා.
බොරු ෂෝ නැති, අසබ්ය දර්ශන යොදලා හිට් වෙන්න දඟලන්නේ නැති සුපිරි ගායකයෙක්.
ඉතින් චාමර වීරසිංහ මේ සම්මානයෙන් පිදුම් ලබන්න ඉහලින්ම සුදුසුයි කියන ඒකයි අපේ මතය. ඔහුගේ නිහතමානි බවස මුල අමතක නොවීම ගැන විශේෂයෙන් කියන්න ඕනේ නැහැ.
ඔහු සම්ම්මානය දිනාගත් පසු ඔහුගේ ෆේස්බුක් පිටුවේ තැබූ සටහන කියෙව්වොත් අපි කාටත් තේරෙයි අපි ජිවිතයේ මොන තැනක හිටියත් අපේ දෙමව්පියන්ව හැමවෙලේම සිහිපත් කලයුතු බව.
ආඩම්බරයි චාමර වීරසිංහ. ඔබට තව තවත් වැජඹෙන්න ශක්තිය දෛර්යය ලැබේවායි පතමු.
ඔහු ඔහුගේ මුහුණු පොතේ එක්කල සටහන පහතින්,
“ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙලේ ගෙවුණු වසරේ ජනප්‍රියම ගායන ශිල්පියා ලෙසින් මීට සුලු මොහොතකට පෙර මා සම්මානයෙන් පිදුම් ලැබුවා.
එදා මෙදා තුර මා සමග සිටි සුවහසක් ප්‍රේක්ශක ඔබ සැමට මාගේ අවංක ස්තුතිය.
හැදූ වැඩූ මවු පියන්ටත් ශිල්ප සතර දුන් ගුරු මවුණි පියාණනි ඔබටත් අනේකවාරයක් පින්.
මෙතුවක් මා හට ගීත නිර්මාණය කල තනු නිර්මාණය කල සංගීතය සැපයූ ඔබ සැමටත් අනේක වාරයක් ස්තුතියි.
ඔබ සමග සැමදා ලෙන්ගතු මම චාමර වීරසිංහ. බුදු සරණයි ”