• Mon. Feb 6th, 2023

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකාගෙන්, මලික් සමරවික්‍රම සහ මර්වින් සිල්වා මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අද (15) අධිකරණයේදී අනාවරණය විය.

ඒ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළ නඩුව අද ගල්කිස්ස සහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ අවස්ථාවේ මෙතක් සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ප්‍රකාශ අනුවය.

එමෙන්ම එම ඝාතනයට අදාළව යුද හමුදා බුද්ධි 112 බල සේනාවේ යතුරුපැදි අංශයේ සාමාජිකයින් 07 දෙනෙකුගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ද්නවා තිබේ.

ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුගතපාල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට දැනුම් දෙමින් සඳහන් කර ඇත්තේ පොලිස් පොත්වලින් සටහන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර මහතා බවයි.

කරුණු දැක්වීම් අවසානයේ මෙම නඩුව යළි ලබන 29 වැනිදා කැඳවීමට තීරණය වී ඇති අතර එතෙක් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හේමන්ති ප්‍රසන්න නානායක්කාර මහතා සහ උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර භාරයේ තබන ලෙස නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *