• Tue. Feb 7th, 2023

අපේ රටේ ස්වාභාවික පරිසර පද්ධතිය දිනෙන් දින විනාශ කරමින් පවතිනවා.දේශපාලඥයන්ගේද අනුදැනුම මත  විල්පත්තුව වැනි රක්ෂිත වනාන්තර විනාශ කරද්දී ඒවා සාධාරණීකරනය කිරීමටද ඇතැම් පාර්ශව ක්‍රියා කරනවා.

එවැනිම වූ ඉතාමත් වටිනා පරිසර පද්ධතියක් වන මුතුරාජවෙල තෙත්බිම් පද්ධතියේ කොටසක්  ව්‍යාපාරිකයෙකුට පවරා ඇති පුවතක් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ පරිසර සංවේදීතාවය අතින් ඉතාමත්ම වැදගත් තෙත්බිමක් වන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතියෙන් අක්කර 406ක කොටසක් නීති විරෝධී ලෙස ව්‍යාපාරිකයෙකුට පවරා තිබෙන අතර  එම භූමිය තුළ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය සඳහන් කරනවා.

හෙක්ටයාර 3068ක විශාලත්වයකින් යුත් මෙම පරිසර පද්ධතිය තුළ සමනල් විශේෂ 67ක්, බත්කූරන් විශේෂ 34ක්, මත්ස්‍යයින් විශේෂ 133ක්, උභය ජීවීන් 15ක්, උරග විශේෂ 37ක්,පක්ෂි විශේෂ 129ක්, ක්ෂීරපායීන් විශේෂ 34ක් ජීවත්වන බවත්,ඊට අමතරව මෙම භූමියේදී ඉතාමත් දුර්ලභ සංක්‍රමණික පක්ෂි විශේෂ වන දම්සිළුටුදෑතුඩුවා හා දම් පිළිහුඩුවා, පළගැටි කුරුල්ලා නැමැති කුරුලු විශේෂද දැකගත හැකි බව සජීව චාමිකර පෙන්වා දෙනවා.

මෙතරම් වටිනාකමක් සහිත මෙවැනි පරිසර පද්ධතීන් දේශපාලඥයන් හා දේශපාලන හිතවතුන් විසින් විනාශ කර දමන බවද  ඔහු ප්‍රකාශ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *