මේ සෙනසුරාදා (17) දින කොළඹ නගරයේ දැඩි වාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.
කොළඹ 07, කොළඹ 08 , ගාලු පාර හා නෙළුම් පොකුණ රඟහල අවට ප්‍රදේශය තුල මෙදින දැඩි වාහන තදබදයක් ඇති වීමට ඉඩ කඩ ඇති බවත් ඉහත සදහන් ප්‍රදේශ රන් හා කලු පැහැයෙන් දිස් වීමකට ලක් වීමට ඉඩ ඇති බවත් සදහන් වේ..
1500 කට අධික වාහන සංඛ්‍යාවක් හා 5000 කට අධික කොළඹ 07 ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් සංඛ්‍යාවක් නිසා මේ තදබදය ඇති වන බවයි වාර්තා වෙන්නෙ. කොළඹ තුලට පැමිණිමට ඔබ අදහස් කරන්නේ නම් ඉහත සදහන් ප්‍රදේශ මග හැර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආරංචි මාර්ග සදහන් කරයි.