• Mon. Jan 30th, 2023

ලංකාවේ ජඩ මාධ්‍ය භාවිතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ මිත්‍රවරුණි .. ඒ සිස්ටම් එකම වගකීමෙන් තොර, ජඩ මාධ්‍ය කලාවක්. තමන්ගෙ නිව්ස් එකක් hit කරගන්න ඕනෑම පහත් මාතෘකාවක් ඒ වෙනුවෙන් අලවන්න ඔය මාධ්‍යවේදීන් කියන බහුතරයක් කපුටන්ට පුළුවන් . උදේට පත්තර කියෙව්වත් කියන්නේ පත්තරේ තියෙන එක නෙවෙයි. වෙන එකක්. නැත්තං පත්තරේ තියෙන නිවුස් එක විචාරය කරන එක. ඒ මොකක් හරි කරලා උදේ පාන්දරම රටේ මිනිස්සු අවුස්සලා පහත් වින්දනයක් ලබන එක තමයි බහුතරයකගෙ අරමුණ..
ඊයෙ facebook එකේ වගකිවයුතු මාධ්‍ය කිහිපයක් ඉතා නින්දිත විදිහට ලංකාවේ සුප්‍රසිද්ධ ඇතෙක් ගැන නිව්ස් අලවගෙන ගියා.

” කලාවැවට ඇතෙක් ආවා..ඌ ගල්ගමුවේ දළ පූට්ටුවගෙ පැටියෙක්..

රටේ වාසනාව,

දළ අර වගේ, මේ වගේ..දැං ඉන්නෙ මෙහෙ..අච්චරයි වයස..දළේ යන්නෙ අරමයි.. මේමයි…ලොකු වෙනකොට මේම මේම වෙයි…

මෙන්න මේ වගේ ගොබ්බ කතා ටිකක් අලෝලා, කැලේ ඇතෙකුට අප්‍රසිද්ධියේ කන්න, වතුර බොන්න, ඉන්න පුළුවන්කම නැති කරලා.. අවසානෙදි උගේ දළ දෙක කපාගෙන ගියාම අහසට, පොළවට හෙණ ඉල්ලලා මැරෙන්න හදනව. රටේ වාසනාව නං අවුරුද්දට අලි 250 ක් මැරෙනවද..? කලාවැවේ “ගෝටාභය, මිහිඳු, වළගම්බා” වගේ ඇත්තු පොළව ගිල්ලා වගේ අතුරුදන් වෙනවද..?

ලංකාවේ විතරක් නෙවෙයි , ලෝකයේම සංරක්ෂණවේදීන් අලි ඇතුන් හා අනෙකුත් සත්ව විශේෂ වල සුවිශේෂි සතුන් පිළිබඳව අධ්‍යයනය කරන්නේ, ඔවුන් පිළිබඳව පර්‍යේෂණ කරන්නේ සමස්ථ ලෝකය පුරාම සීග්‍රයෙන් පැතිරිලා යන වනජීවි අපරාධ වලින් එම සතුන් ආරක්ෂා කරගැනීමේ අරමුණත් සහිතවයි.

අලි අතරෙ පූට්ටුවා , මහසෙන් වගේ ඇත්තු ගැන හොයන්නෙ , ඉන්දියාවේ ව්‍යාඝ්‍රයෝ අතරෙ ශ්‍රීනිවාස් වගේ උන් ගැන හොයන්නෙ, කොටි අතරෙ හරක් හොරා, හාමු වගේ උන් ගැන හොයන්නෙ.

අප්‍රිකාවේ ඔක්කොම අලි ඇතුන්ට ගැහැණු පිරිමි භේදයකින් තොරව දළ තිබුණත් මස්තුලේලා , වගේ ඇත්තු ගැන හොයන්නෙ ඒ සත්තුන්ගෙ විශේෂිත ලක්ෂණ ඔවුන්ගේ මරණ වරෙන්තුව ලියා ඇති නිසා.

සත්ව විද්‍යාඥයන් විසින් ඇතුන් පිළිබඳව කරන ලද දීර්ඝකාලීන පර්‍යේෂණ වලින් අනාවරණය කරගෙන තිබෙනවා ඇත් ජානය ඉදිරි පරපුර වෙත සම්ප්‍රේෂණය වන්නේ මව් පාර්ශවයෙන් බවට.

ඒ නිසා ගල්ගමුවේ පූට්ටුවගෙ පැටියා අරූ, මූ, කියලා අනාරක්ෂිත පරිසරයක ඉන්න අහිංසක පොඩි සත්තුන්ගෙ ජීවිත තවත් අවදානම් කරන්න එපා.

මිනිස් පැටවුන්ගෙත් තාත්තල හොයන්න නඩු කියන රටේ ඇත්තුන්ගෙ පැටව් ගැන හොයලා location ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය නෑ..

මේ වගේ සාවද්‍ය හා වගකීමෙන් තොර ප්‍රකාශ කරන මාධ්‍ය ඇතුලු සියලුදෙනාටම එරෙහිව රටේ මහජනතාව ක්‍රියාත්මක විය යුතුයි .

ඒ වගෙම ඇසළ කියන්නේ පොඩි කොල්ලෙක්. ඌට ආරක්ෂාවයි වැදගත් . පූට්ටුවෙක් ලෙස හෝ නැතිව එළියට එන්න තව ඌට කල් තියෙනවා .

( ඇසළ2 කගෙ දළේ දැක්ක උන්, පොඩිකාලේ මද්දකට අහුවෙලා කැපුණ හොඬේ දැක්කෙ නෑ.. )

Shashikalana Ratwatte .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *