• Sat. Jan 28th, 2023

ශ්‍රීලාංකික පැතුම් ඉටු කරමින් නයි නාඩගම් පෙන්වූ බංගලියන් පරදා ඉන්දියාව ජයගත් හැටි..! (VIDEO)

BySandun

Mar 18, 2018

බංග්ලාදේශ – ඉන්දියා නිදහස් කුසලාන අවසන් මහා තරගය මේ වනවිට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.

පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කරමින් රෙහෙමාන් පන්දු 50 කින් ලකුණු 77 ක් ලබාගත්තා.
මහමුදුල්ලා ලකුණු 21 යි.

රෝහිත් ෂර්මා සහ ධවාන් ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන රෝහිත් ෂර්මා හයේ සහ හතරේ වැස්සක් සමඟ ඉන්දියානු ඉනිම ජයග්‍රහණය කරා මෙහෙයවන්නේ සියලු බර කරට ගනිමින්.

ඉන්දියානු ජයග්‍රහණයේ අඩිතාලම සැකසූ රෝහිත් ෂර්මා ලකුණු 56 ක් ලබා පිටියෙන් ඉවත් වුණා. ඒ මහමුදුල්ලා අතට ලබාදුන් උඩපන්දුවකින්.

රෝහිත් ෂර්මා දැවී ගියේ විජයශංකර්ගේ පන්දුවක් හමුවේ.

රෝහිත් ෂර්මාගේ දැවී යාමත් සමඟම පන්දු යැවූ විජයශංකර් නැවතත් නයි නැටුමක් රඟ දැක්වූ අයුරු දක්නට ලැබුණා.

එම අවස්ථාව පහතින්,

කෙසේ වෙතත් ඉන්දියාවේ සුපිරි ප්‍රහාරයන්වලට ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු සහයක් ලැබීමද විශේෂත්වයක්.

ඒ අනුව කඩුලු 6 ක් දැවී පන්දු වාර 20 අවසානයේදී අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් රෝහිත් කාර්තික් තරගයේ ජය ඉන්දියාවට අත්කර දුන්නා.

බන්ගලියන්ට නයා පෙන්වූ අන්තිම ස්වර්ණමය පහරේ වීඩියෝව මෙන්න..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *