• Tue. Feb 7th, 2023

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන් කියන්නෙ සමාජ ජාලා වල නිරන්තරයෙන්ම කතාබහ වෙන චරිතයක්.

සුහානා දවසේ වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන නිසා මේ තත්වය ඇති වෙලා තියෙනවා කියල තමයි විදෙස් මාධ්‍යයන් සඳහන් කරන්නෙ. ‍

ඒ වගේම මේ තත්වය නිසා සුන්දර රූ සපුවකට හිමිකම් කියන  සුහානාගේ ඡායාරූප ගැන ලෝකයේ බොහෝ දෙනා අවදානයෙන් ඉන්නවා කියලත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කොහොම වුනත් මේ වෙද්දි සුහානා කියන්නෙ පෙම්වතියක්. සුහානා තමන්ගෙ පෙම්වතා විදියට තෝරගෙන තියෙන්නෙ ඇය කුඩා කාලයේ සිටම ආශය කරපු තමන්ගේ හොඳම මිතුරා වන අහාන් පාන්ඩේ කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.

හැබැයි ඉතිං මේ ප්‍රේම සම්බන්ධයට සුහානාගෙ තාත්තා, ඒ කියන්නෙ ශාරුක් ඛාන් පොඩ්ඩක්වත් කැමති නෑ කියල තමයි බොලිවුඩ් ලෝකයෙන් වාර්තා වෙන්නෙ.

මේ කතාවෙ ඇත්ත නැත්ත මොකක් වුනත් මේ දෙන්නනම් පෙම්වතුන් විදියට තාලය ගත කරනවා කියලා ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *