බංග්ලාදේශ – ඉන්දියා නිදහස් කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව ජයගත්තේ ශ්රී ලංකා ප්රේක්ෂකයන්වද දිනා ගනිමින්.
කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ආරාධනා කළා.
පළමු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් ලබාගත්තා. සුවිශේෂී ඉනිමක් ක්රීඩා කරමින් රෙහෙමාන් පන්දු 50 කින් ලකුණු 77 ක් ලබාගත්තා.
මහමුදුල්ලා ලකුණු 21 යි. රෝහිත් ෂර්මා සහ ධවාන් ජයග්රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසියා.
සුපිරි ඉනිමක් ක්රීඩා කරන රෝහිත් ෂර්මා හයේ සහ හතරේ වැස්සක් සමඟ ඉන්දියානු ඉනිම ජයග්රහණය කරා මෙහෙයවන්නේ සියලු බර කරට ගනිමින්. ඉන්දියානු ජයග්රහණයේ අඩිතාලම සැකසූ රෝහිත් ෂර්මා ලකුණු 56 ක් ලබා පිටියෙන් ඉවත් වුණා. ඒ මහමුදුල්ලා අතට ලබාදුන් උඩපන්දුවකින්.
රෝහිත් ෂර්මා දැවී ගියේ විජයශංකර්ගේ පන්දුවක් හමුවේ. රෝහිත් ෂර්මාගේ දැවී යාමත් සමඟම පන්දු යැවූ විජයශංකර් නැවතත් නයි නැටුමක් රඟ දැක්වූ අයුරු දක්නට ලැබුණා.
තරඟාවලිය ආරම්භයේ සිටම උණුසුම් වූ මෙම තරඟාවලිය ගැන අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි,
මුශ්ෆික් රහීම් කියන්නෙ බන්ගලි කන්ඩායමේ ඉන්න සුපිරි තරුවක් . ඒත් ලන්කාවෙ අපටනම් අරහන් චරිතයක්..
නැවත වරක් ඔහු ලන්කාවට වදින්න හොදකතාවක් කියා තිබේ. “අපේ වැරදි තමා ඔක්කොටම පේන්නේ මෙන්ඩිස්ගේ චන්ඩිකම් පේන්නෙ නෑ. අපේ කෙනෙක් කිවුව සුලු දේකට ඔහු සමග මෙන්ඩිස් ගහගන්න ගියා” මුශ්පික් රහීම් මෙහම පවසා තිබෙනවා …
වැඩි විස්තර බලන්න පහතින්,