ඉන්දියාව හා බංගලාදේශය අතර ඊයේ පැවති නිදහස් කුසලාන අවසන් මහා තරඟයෙන් අවසාන පන්දුවට ලකුණු 5 ක් අවශ්‍යව තිබියදී දැවැන්ත 6 පහරක් එල්ල කරමින් නිදහස් කුසලානය තමන් සතු කරගැනීමට දිනේෂ් කාර්තික් ප්රමුඛ ඉන්දියානු පිල සමත් විය.
මේ සමගම පැමිණ සිටි ප්‍රේක්ෂකයින් සියල්ලම පාහේ ඉන්දියාවට ඔල්වරසන් දෙන ගමන් බංගලියන්ව නැත්තටම නැති කර දමන අයුරු අපි දුටුවෙමු. මේ අතර තවත් අපුරු සිද්ධියක් සිදු විය,
එනම් ඉන්දියානු නායක රෝහිත් ශර්මා විසින් තරඟය අවසන් වීමෙන් පසු, ශ්‍රී ලංකා ධජය සෑම තරඟයකමැ පාහේ උස්සන් සිටින පර්සි මහතාගෙන් අපේ සිංහ කොඩිය ඉල්ලා, ග්‍රව්න්ඩ් එක වටේ ගෙන යාමයි.
මේ අවස්ථාව කාගේත් සිත්ගත මොහොතක් වුයේ ඉන්දියානු ක්‍රීඩකයෙක් මෙලෙස හැසිරුණු පළමුවෙනි අවස්ථාවද මෙය නිසාවෙනි.
පැමිණ සිටි පිරිස මෙන්ම රුපවාහිනිය තුලින් නැරඹු සියලු දෙනාගේ හිත් දිනාගැනීමට රෝහිත් ශර්මා සමත්විය.
එම අවස්ථාව පහතින්,