• Thu. Feb 2nd, 2023

ඊයේ (18) පවත්වන ලද රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැද්මීර් පූටින් සිව්වන වරටත් තම  ජයග්‍රහණය තහවුරු කර ගත්තේ  76.63% ක ඉහල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. ඔහු සමඟ තරග කල අනෙක් අපේක්‍ෂකයා ලබා ගෙන තිබු‍ණේ 11.8 %ක් පමක් වීම විශේෂත්වයක් වන අතර පූටින් පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා ඉහල ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වුනා.

1999 වසරේ  සිට බලයේ සිටින පූටින්  මෙවර ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමඟ  තවත් වසර 06 ක කාලයක් එරට ජනාධිපතිවරයා ලෙස සුදුසුකම් ලබනවා. එසේම ජයග්‍රණයෙන් පසුව රුසියාවේ මොස්කව් නුවරදී ජනතාව ඇමතූ පූටින් පවසා සිටියේ පසුගිය වසර කිහිපය තුළ රුසියාව ලබාගත් ජයග්‍රහණය ඡන්ද දායකයන් විසින් හඳුනාගෙන ඇති බවයි.

එම අවස්ථාවේදී  ඉදිරියේදී නැවතත් වසර හයක් සඳහා තමන් ජනපති ධුරයට පත්වීමට සූදානම්ද යන්න මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකදී  පූටින් සිනහවකින් ඊට පිළිතුරු ලබා දී තිබුණා.

මෙවර රුසියානු මැතිවරණයේදී ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද සහභාගී වී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *