ශ්‍රී ලංකාව තුල භාවිතය තහනම් කරන ලද ග්ලයිෆොසෙට් නැවත භාවිතය සදහා අවසර ලබා දීමට වන ගැසට් පත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බව කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායක අනුරාධපුරයේදී පැවති උත්සවයකදී කියා සිටියේය.
ගල්යිපොසේට්වලට වඩා උග්‍ර විෂ සහත පොහොර වර්ග දැනටත් මෙරට භාවිතයේ ඇතැයිද පවසන ඇමතිවරයා ග්ලයිපොසේට් වකුගඩු රෝගයට සෘඩුව බලපාන්නේ යයි මේ වන තෙක් ඔප්පු වී නැතැයිද සදහන් කරයි.
තේ ගොවීන් විසින් දිගින් දිටගම ගල්යිපොසේට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත් ඇමතිවරයා කියා සිටී.
මේ අතර මෙම තීරණයට දැඩිව විරෝදය පාන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව එහිමියන් සමීප ආරංචි මාර්ග කියයි.
ගල්යිපොසේට් තහනම ඉවත් කලහොත් වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට රතන හිමියන් දැනට සතියනට පමණ පෙර සදහන් කලහ.
බොහෝ විට මෙම ගැසට් පත්‍රය නිකුත් වන දිනයේ හෝ ඊට පසුදින රතන හිමියන් ආණ්ඩුව අතහැරීම සිදු කරනු ඇති බවද වාර්තා වෙයි.