• Fri. Feb 3rd, 2023

“කූඹියෝ 2” – පටන්ගන්න පුළුවන් විදි රැසක් මෙන්න…!

BySandun

Mar 21, 2018

කූඹියෝ 1 ඉවරවුන තැනින්ම……..

(මේකට මමත් එකඟ නෑ.. පැහැදිලිවම කූඹියෝ 2 පටන්ගන්නේ ඔය ගොඩක් TV Series වල වගේ වෙනම කතාවකින් කියන එකයි මගෙත් අදහස)

“සර්.. ඕක ආන්සර් කරන්න ඕනම කෝල් එකක්..”

“හෙ.. හෙලෝව්..”

“ගරු අගමැතිතුමා.. පෝඩ්ඩක් ලයින් එකේ ඉන්න මේ චූටි බේබිට කතාකරන්න ඕනෙළු…”

“මොකක්.. ත.. තමුසේ කවුද?”

“හෙලෝ තාත්ති.. මං කිව්වනෙ මෙයාලව මගෙ පස්සෙන් එවන්න එපා කියලා.. මට කියලා නිදහසක් නැද්ද? මම දැන් බබෙක් නෙවෙයිනේ. අර යාළුවෝ බලාගෙනත් ඉන්නවා.. ඔන්න මෙයාලට ක්ලබ් එක ඇතුලටනම් එන්න එපා කියන්න. මං කැමති නෑ යාළුවෝ ඉන්න තැන මිනිස්සු පස්සෙන් ඉන්නවට.. දැන් කාලයක් ඔයා මං කියන දේ ඇහුවා.. දැන් ආපහු පටං අරං. ඒ මදිවට අඳුරගනියි කියලා අළුත් අයත් අරගෙන.”

“හෙ. හෙලෝ.. දුව…? දු..”

“ගරු අගමැතිතුමා.. බේබි ඇතුලට ගියා.. අපේ තුන් හතරදෙනෙක් එයා පස්සෙන් ඉන්නවා කොහොමත්.. ඔබතුමාට කරදරයක් නැත්තං ෆෝන් එක ජෙහාන්ට දෙන්න පුළුවන්ද?”

“අයිසේ අහගන්නවා මේක හොඳට.. තමුසේ ඔය කතාකරන්නේ රටේ අගමැතිට කියන එක මතක තියාගන්නවා.. මගෙ දුවට අතක් හරි තියලා තිබුණොත්.. මං බලාගන්නං..”

“අයිසේ තමුසෙත් මේක අහගන්නවා අගමැතිතුමා.. තමුසෙගෙ ඔය මහලොකු අගමැතිකම තමුසෙට ලැබුණේ ඔය ඔතන ඉන්න ජෙහාන්ගෙ පිහිටෙන් බව තමුසෙත් මතකතියාගන්නවා.. තමුසේ වැඩිය නටන්න හැදුවොත් තමුසේ අගමැතිවෙන්න ගහපු ප්ලෑන් ඔක්කොම වීඩියෝස් එක්කම මීඩියාවල යයි තව පැයක් ඇතුලත.. ඒක නිසා හොඳ හිතින් ෆෝන් එක දෙනවා ජෙහාන්ට..”

මල්දෙණිය සිය ජංගම දුරකතනය ජෙහාන්ට ලබාදෙයි..

“මං මේ කියන එක හොඳට අහගන්න.. මම කියනකං කිසිදෙයක් කරන්න එපා.. තව පැයකින් මගෙන් කෝල් එකක් ආවෙ නැත්තං අර වීඩියෝස් ටික හැම මීඩියා එකකටම යවන්න.. අගමැතිතුමාගෙ දුවට කරන්න කියපු ටික මතක ඇතිනේ..”

“ඉතිං ගරු අගමැතිතුමා..” ජෙහාන් සුපුරුදු ලෙස සිනාසුනේය.. කූඹියෝ තේමා ගීතය පසුබිමෙන් ඇසේ.. වික්ෂිප්ත වී ජෙහාන් දෙස බලා සිටින මල්දෙණියගේ, ලේකම්ගේ සහ තවමත් ජෙහාන්ගේ හිස දෙසට පිස්තෝලය මානගෙන සිටින අතුලගේ මුහුණ වරින් වර තිරයේ දිස්වෙයි.. මල්දෙණිය සියල්ල සුන් වූ විලසින් පිස්තෝලය පහල දමන ලෙසට අතුලට ඉඟිකරයි..

“තමුසේ මං හිතුවට වඩා පුදුම දක්ෂයෙක් ජෙහාන්.. පුදුම දක්ෂයෙක්.. මට දැනගන්න පුළුවන්ද ජෙහාන් දැන් මොනවද කරන්න යන්නේ කියලා විතරක්..?”

“මෙහෙම දෙයක් ඔබතුමා කරන්න ඉඩ තියෙන බව මම කලින්ම හිතුවා.. කලින් කිව්වේ.. ඔබතුමා මට මේ වැඩේ බාර දීපු දවසෙම.. අවුරුදු හතරකට කලින්ම.. ඔබතුමා මං ගැන උපරිම විශ්වාසයක් තිබ්බට.. ඔබතුමා වගේ මිනිස්සු බලය ගත්තම මොකක්ද කරන්නේ කියන එක මම හොඳටම දැනගෙන හිටියා.. අපි ජීවත්වෙන්නේ තාක්ෂණය ගොඩක් දියුණු ලෝකේක කියලා මම ඔබතුමාට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑනේ.. ෂර්ට් එකේ බොත්තමක් වෙනුවට හයිකරගන්න පුළුවන් පොඩි කැමරා පවා දැන් පේමන්ට් එකේ දාහට දෙදාහට විකිණෙනවා..

මම ඉතිං මගේ ආරක්ෂාවට ඔය පොඩි පොඩි දේවල් ටිකක් වීඩියෝ කරගත්තා.. ගරු අගමැතිතුමා ඒකට මාත් එක්ක තරහාවෙන එකක් නෑ මගෙ හිතේ.. ආ.. මේ අපේ අධිකාරි ලේකම්තුමා ඔස්ටින් අයියත් එක්ක ඉස්සර මාව හම්බවෙන්න එන ඒවනම් මම ප්‍රියන්තට කියලා වීඩියෝ කරේ ටිකක් ⁣ලොකු කැමරා එකකින්.. ඔය වීඩියෝ සාක්ෂි වලට මම ටිකක් වැඩිපුර ආසයි.. ලේකම්තුමා තරහා නෑනෙ මාත් එක්ක නේද..” සිනාසෙමින් බෑගය අතට ගත් ජෙහාන්..

“ඔබතුමා අද මගේ කතාව ඉවරයක්කරලා දාන්න හැදුව⁣ට, ඔබතුමාගේ කතාව මම අදම ඉවරකරන්නෑ.. හැබැයි මෙතනින් එහාට තවදුරටත් මට කරදරයක් වෙන්න හැදුවොත් ඔබතුමාට ⁣ලොකු අමාරුවක වැටෙන්න වෙයි.. මුකුත් නොවුන ගානට ඉන්න බලන්න.. එහෙම කමක් නෑනේ ගරු අගමැතිතුමා.. මේ අතුලලා වගේ ඇඟ විතරක් තියෙන මොළේ කලඳක් නැති එවුන් ඔබතුමාට හිටියට මොකද, මගෙ ලඟ ඉන්නේ ඇඟට වඩා මොළෙන් වැඩකරන එවුන්.. මට මොනවහරි වුනොත් උන් කොහෙන් මොනවා එළියට දායිද දන්නෑ.. එහෙනං.. ගිහිං එන්නං.. ගරු අගමැතිතුමා..” ජෙහාන් අඳුරේම නොපෙනී යන තෙක් මල්දෙණිය ඇතුළු පිරිස බලාගෙන සිටියේය..

තව විදිහකට කූඹියෝ 2 පටන්ගන්න හැටි, ඊලඟ කොටසින් බලාපොරොත්තුවන්න.. (“මූ යකෝ..” කියලා හිතුනා නේහ්.. )

ප්‍රදීප් ප්‍රේමලාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *