අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විස්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නිසාම පාර්ලිමේන්තුව උණුසුම් විය හැකි බවට දේශපාලන විචාරකයන් අදහස් දක්වා තිබුණි. ඒකාබද්ධ විපක්ෂය මගින් ගෙන එන මෙම විස්වාසභංගයට ආණ්ඩු පක්ෂයේ ශ්රීලනිප මන්ත්රීවරුන්ගේද සහ එජාප මන්ත්රීවරුන් කිහිප දෙනෙකුගේද සහය හිමිවන බවට කියවුනි.
මේ අතර පාර්ලිමේන්තුවට විස්වාසභංගය ඉදිරිපත් කිරීම වැලැක්වීමට යම් කිසි උපක්රමයක් ක්රියාත්මක විය හැකි බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන්ට දැන ගැනීමට ලැබි තිබුණි. එම නිසාම විස්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ වගකීම පැවරුනේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානද අලුත්ගමගේට ය.
ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්රීවරයා විස්වාසභංගය පාර්ලිමේන්තුවට රැගෙන ඒමට තීරණය කළේ සිය කබායේ සගවගෙන ය. එලෙසින් සිය කබාය අතර විස්වාසභංගය රුවාගෙන මන්තීවරයා පාර්ලිමේන්තුවට පිවිසෙද්දි , පිවිසුම් දොරටුව අසළ රැකවල් ලා සිටියේ එජාපයේ මන්ත්රීවරුන් පිරිසකි.
“කවුද විස්වාසභංගය පාර්ලිමේන්තුවට ගේන්නේ” එජාප මන්ත්රීවරුන් පිරිස මහින්දානන්ද මන්ත්රීවරයාගෙන් ඇසුවේය.
” දන්නෙ නෑ , මමත් මේ බලන්නේ ඒක තමයි” එලෙසින් පිළිතුරු දුන් මහින්දානන්ද මන්ත්රීවරයා හෙමින් සිරූවේ එම ස්ථානයෙන් ලිස්සා විස්වාසභංගයද රැගෙන පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.